IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව ගැන තීරණය හෙට

(තිළිණි ද සිල්වා  සහ රංජන් කටුගම්පොළ)

කුරුණෑගල නගරයේ පවතින ‘ බුවනෙක හෝටලය ’ නමින් පැවති කුරුණෑගල රාජසභා මණ්ඩප ගොඩනැගිල්ලට හානිකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා නිකුත් කර ඇති වරෙන්තුව ක්‍රියාත්මක වීම හෙට (25) දක්වා අත්හිටුවීමට අභියාචනාධිකරණය අද(24) නියෝග කළේය.

කුරුණෑගල රාජසභා මණ්ඩප ගොඩනැගිල්ලට හානිකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගන්නා ලෙසට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මක වීම බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ, නගර සභාවේ නාගරික ඉංජිනේරු චමින්ද බණ්ඩාර අධිකාරි යන මහත්වරුන් ඇතුළු පිරිසක් ගොනු කර තිබූ රිට් පෙත්සම්වලින් ඉල්ලා සිටින අතුරු නියෝගය පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමද හෙටට කල් තැබීමට අභියාචනාධිකරණය තීන්දු කරන ලදී.

මේ තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව පැවතුණද, එම තීන්දුව සූදානම් කර නොමැති වීම හේතුවෙන් එය හෙටට කල් තැබීමටද අධිකරණය නියම කෙරිණි.

එම පිරිස ගොනු කළ රිට් පෙත්සම් අභියාචනාධිකරණ සභාපති ඒ.එච්.එම්.ඩී .නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන් හමුවේ කැඳවිණි.මෙම රිට් පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස කුරුණෑගල පොලිස් ස්ථානාධිපති ඒ.ඇම්.කපිල අධිකාරි, කුරුණෑගල විශේෂ ඒකකයේ ස්ථානාධිපති රංජිත් කුලතුංග, වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක, කුරුණෑගල මහෙස්ත්‍රාත් සම්පත් හේවාවසම් සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.

තමා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලබා ගෙන ඇති බව ජනමාධ්‍ය මඟින් දැනගන්නට ලැබුණු බවත්, එය නීතීයට පටහැනි බැවින් එම වරෙන්තු බලරහිත කරන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයිද පෙත්සම්කරුවෝ සිය රිට් පෙත්සම් මඟින් ඉල්ලා සිටිති.

නීතීඥ ලංකා ආර්.ධර්මසිරි මහතා මාර්ගයෙන් ගොනු කළ පෙත්සම් දෙකෙහි මෙසේද සඳහන් වේ.

පෙත්සම්කරුවෝ කුරුණෑගල නගරාධිපති සහ නාගරික ඉංජිනේරුවරයා වෙති.පසුගිය ජූලි 24 වැනිදා කුරුණෑගල නගර සභා සීමාව තුළ පිහිටි රාජසභා මණ්ඩපය කඩා බිඳ දැමීම පිළිබඳව මාධ්‍ය මඟින් පුළුල් ප්‍රචාරයක් කෙරිණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පෙත්සම්කරුවන් වෙත චෝදනා එල්ල කළහ. එම කාලය තුළ මහමැතිවරණ ප්‍රචාරණ සිදුවූ කාලයක් බැවින් මෙම සිද්ධිය  සම්බන්ධයෙන් විවිධ දේශපාලන පක්ෂ විසින් වැරදි මත සමාජගත කරමින් පෙත්සම්කරුවන් වෙත චෝදනා එල්ල කලහ. මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ පුද්ගලයෙකදු අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර ඇත. මෙම ගොඩනැගිල්ල පුරාවස්තුවක් බවත්, එය කඩා බිඳ දැමීම පුරාවිද්‍යා පනත යටතේ අපරාධමය වරදක් බවත් කියැවිණි.

ඒ අනුව පොලීසිය මඟින් විමර්ශනයක් ආරම්භ කෙරිණි. පොලීසියද පෙත්සම්කරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගත්හ. පෙත්සම්කරුවන් මෙය රාජකාරීමය පදනමක් මත සිදුකළ අතර, තමා කිසිදු වරදක් සිදු කර නොමැත. මේ අතර අග්‍රාමාත්‍යවරයා විසින් මෙම සිද්ධිය පිළිබඳව සොයා බැලීම සඳහා කමිටුවක් පත් කරන ලදී. එහි කමිටුව මඟින් අතුරු කමිටු වාර්තාවක්ද අග්‍රාමාත්‍යවරයා වෙත ඉදිරිපත් කෙරිණි. මේ සිද්ධිය පිළිබඳව කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා වෙත බී වාර්තාවක්ද ගොනු කෙරිණි.

මේ අතර මේ සම්බන්ධයෙන් ඊළඟ නඩු දිනයේදී පෙත්සම්කරුවන් අත්අඩංගුවට ගැනීම ඉල්ලීමක් කරන බව නීතිපතිවරයා මාධ්‍ය මඟින් ප්‍රචාරය කරනු ලැබ ඇත. අදාළ විමර්ශනයෙන් පසුව පෙත්සම්කරුවන් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයාගේ උපදෙස් මත පොලීසිය විසින් කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඉකුත් අගෝස්තු7 වන දා වරෙන්තු ලබාගෙන අතර එම වරෙන්තු ලබා ගැනීමේ ක්‍රියාදාමය නීතියට පටහැනි වේ.

කඩා ඉවත් කරනු ලැබූ ගොඩනැගිල්ල පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ගොඩනැගිල්ලක් වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් එම තත්ත්වය යටතේ පුරාවිද්‍යා පනත පදනම් කරගෙන තමා ඇතුළු පිරිසකට එරෙහිව පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු ලබා ගැනීමේ ක්‍රියාදාමය මුළුමණින්ම නීතියට පටහැනි වේ.

මේ හේතුවෙන් තමා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඉකුත් අගෝස්තු මස 7 වනදා නිකුත් කළ වරෙන්තුව බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත්, මෙම පෙත්සම විභාග කර අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු අදාළ වරෙන්තුව ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත්, තමාට සුදුසු වන්දියක් ගෙවන ලෙසට නියෝග නිකුත් කරන්නැයි කුරුණෑගල නගරාධිපතිවරයා සහ කුරුණෑගල නගර සභාවේ නාගරික ඉංජිනේරුවරයා සිය රිට් පෙත්සම් මඟින්  අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබිණි.

පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතීඥ ඒ.එල්.එම්.අමීන්  මහතා පෙනී සිටියේය. නීතිපති වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා පෙනී සිටියේය.



අදහස් (2)

කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව ගැන තීරණය හෙට

Hafeel Monday, 24 August 2020 07:59 AM

වරෙන්තුකරුවන් අභියාචනා ඉදිරිපත් කරන තරමට අද රටේ නීතිය හෑල්ලුවකට ලක්වෙලා. ඉතින් එක රට, එක නීතිය කියලා කියනවා.

:       0       0

Demuni Uduwara Monday, 24 August 2020 01:20 PM

නීතිය නම්‍යශීලීද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 484 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2229 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1672 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site