IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ක‍්‍රිකට් පරිපාලනය ගැන ක‍්‍රීඩා ඇමති වැඩිදුර උපදෙස් පතයි

(යොහාන් භාසුර)

ක‍්‍රිකට් පරිපාලනය සඳහා කමිටුවක් පත්කරන ලෙස නීතිපතිවරයා දී ඇති උපදෙස් සම්බන්ධයෙන් ක‍්‍රීඩා අමාත්‍යංශය නීතිපතිවරයාගෙන් වැඩි දුර උපදෙස් ඉල්ලා ලිපියක් යොමු කළ බව ක‍්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතා පවසයි.

ක‍්‍රිකට් පරිපාලනයේ ඇතැම් කරුණු පිළිබඳ පැහැදිළි කිරීම් කීපයක් අවශ්‍ය බවත් එම කරුණු ඇතුළත්කර ලිපියක්  නීතිපතිවරයාට යොමු කළ බවත් ක‍්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා කියයි.

නීතිපතිවරයාගෙන් අදාල පැහැදිළි කිරීම් ලැබෙන තෙක් ක‍්‍රිකට් පරිපාලනය පිළිබඳව තීන්දු නොගන්නා බවත් පැහැදිළි කිරීම් ලැබෙන තෙක් බලා සිටින බවත් ලේකම්වරයා කීය.

හිටපු නිලධාරී මණ්ඩලයේ නිල කාලය පසුගිය පෙරවාරි මස 20 වැනිදා අවසන් වූ බවත් ක‍්‍රිකට් නිලවරණයෙන් නව නිලධාරීන් පත්වන තෙක් ක‍්‍රිකට් පරිපාලනයට කමිටුවක් පත්කළ යුතු බවත් නිතිපතිවරයා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතාට උපදෙස් දී තිබුනි.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන මැයි මස 20 වැනිදා පැවැත්වීමට නියමිතය.

 



අදහස් (6)

ක‍්‍රිකට් පරිපාලනය ගැන ක‍්‍රීඩා ඇමති වැඩිදුර උපදෙස් පතයි

Nuwan Tuesday, 30 March 2021 05:47 PM

මල්ලිගේ පවුලගේ තාත්තා වැඩට ගත්තේ උපදෙස් අනුව වෙන්න ඇති...!

:       6       19

Nuwan Tuesday, 30 March 2021 06:21 PM

මල්ලිගේ නෝනාගේ තාත්තව වැඩට ගත්තේ උපදෙස් අනුව වෙන්න ඇති..

:       4       13

වීපරමා Tuesday, 30 March 2021 06:34 PM

කාගෙවත් උපදෙස් මොකටද? පවුල් පාලනේ සනුහරේම කිට්ටු කරගෙන ඉන්නේ කාගෙවත් උපදෙස් අනුව නෙවෙයිනේ?

:       3       16

කපුරු හාමි Tuesday, 30 March 2021 07:34 PM

මොකටද උපදෙස්? තමුන් පෙරකදෝරු විභාගේ පාස් කෙරුවේ කාගෙවත් උපදෙස් අරන් ලියලද?

:       3       15

Kumara Tuesday, 30 March 2021 07:59 PM

කාගෙවත් උපදෙස් අවශ්‍ය නැහැ.

:       7       9

නුවන්ති Wednesday, 31 March 2021 08:17 AM

උපදෙස් ගන්න නම් කවුරුවත් මොකටද? තමුන්ගේ අප්පචිචි ඉන්නේ... මෙයාලාට දූෂිත වැඩ කරන්න නම් ගණ දෙවි නුවණ තියෙනවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 691 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site