IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


කිඹුලා ඇලේ ගුණාගේ ගෝලයෙක් මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ඉන්දියාවේ සිරගතව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ අපරාධ කල්ලි නායකයකු වන කිඹුලා ඇලේ ගුණා නැමැත්තාගේ ප්‍රධානතම ගෝලයෙක් වන "හෝමාගම පොඩි සම්පත්" නැමැත්තා රුපියල් ලක්ෂ 5කට අධික වටිනා හොරෙයින් මත්කුඩු සමග මාකන්දන කැකුළුවිට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය කියයි.

සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 25 මිලිග්‍රෑම් 650 ක් පොලිසිය භාරයට ගෙන ඇත.

පොඩි සම්පත් නැමැති අපරාධ කල්ලි සාමාජිකයා හෝමාගම ප්‍රදේශයෙන් වසන්වී කැස්බෑව ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන හොරෙයින් මත්කුඩු ජාවාරමේ යෙදෙන බවට කැස්බෑව පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මාලිංග අබයරත්න මහතාට ලැබුණු තොරතුක් මත දින ගණනක් තිස්සේ සිදු කළ විමර්ශනය කර ඇත.

ඒ සම්බන්ධයෙන් තවදුරටත් සිදුකළ විමර්ශනයේදී ඔහු මත්කුඩු ජාවාරම සිදුකරන බවට සැක හැර දැනගත් පොලිස් නිලධාරීන් පොඩි සම්පත් නැමැත්තා නිවසට පැමිණෙන අවස්ථාවේදී මඟ රැක සිට අත්අඩංගුවට ගෙන සිදුකරන ලද පරික්ෂාවේදී ඔහු සන්තකයේ තිබී මෙම මත්කුඩු තොගය සොයා ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය

 



අදහස් (0)

කිඹුලා ඇලේ ගුණාගේ ගෝලයෙක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30968 33


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13100 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10935 30


මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 864 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 257 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 906 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site