සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න) මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත් කිරීමේ කටයුතු අද (15) සිට ආරම්භ වන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසෙයි. ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයන් පත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීමේ කටයුතු අදින් (15) අවසන් වෙයි. මේ සම්බන්ධයෙන් අප කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ අයදුම්පත් බාර ගැනීමේ කාලය තවදුරටත් දීර්ඝ කිරීමට කිසිසේත්ම කටයුතු නොකරන බවයි. කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත් කිරීම දැනටමත් ප්‍රමාද බවද ඔහු සඳහන් කළේය. රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව, විගණන සේවා කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභාව, සීමා නිර්ණය කොමිෂන් සභාව සහ ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව අලුතින් සාමාජිකයන් පත් කිරීමට නියමිත සෙසු කොමිෂන් සභාවේ. ස්වාධීන කොමිෂන් සභා සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භවූයේ පසුගිය ජනවාරි මස 25 වැනිදා සිටය. ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් ලෙස පත්වීමට අයදුම්පත් සියයකට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට ලැබී ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.
2025 දෙසැම්බර් මස 30
71
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
350
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත් කිරීම අද සිට