IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කබ්රාල්ට එරෙහිව නඩුවේ අධි චෝදනා පත්‍ර බාරදෙයි

(මනෝප්‍රිය ගුණසේකර)

ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටින බව දැන දැනම ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 184 කට අධික පාඩුවක් කළ බවට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු පස්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිෂම පවරා ඇති නඩුවේ අධි චෝදනා පත්‍ර බාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා විත්තිකරුවන් රුපියල් කෝටිය බැගින් වටිනා ඇපකරුවන්ගේ බැදුම්කර මත විත්තිකරුවනන් මුදාහැරීමටද අද (10) නියම කළේය.

අධිකරණයෙන් නිකුත් කළ සිතාසි වලට අනුව අධිකරණයේ පෙනී සිටි විත්තිකරුවන්ටට එලෙස ඇප නියම කළ විනිසුරුවරයා අධිකරණයේ අවසරයකින් තොරව විදේශගතවීම වළකාලමින් තහනමක්ද පැනවීය.

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට අමතරව චෝදනා බැරදීමෙන් අනතුරුව ඇප මත මුදා හරින ලද්දේ මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ධර්මසේන ධීරසිංහ, දොන් වසන්ත ආනන්ද සිල්වා, චන්ද්‍රසිරි ජයසිංහ, පණ්ඩිත සිරිවර්ධන හා එම්.ඒ. කරුණාරත්න මහත්වරුන්ය.

2012 වසරේ ග්‍රීක රජය දැඩි ආර්ථික අර්බුදයක පසුවෙද්දී ශ්‍රී ලංකා රජය සතු රුපියල් කෝටි එකසිය 1843 267 595/- ක අධික මුදලක් යොදවා ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීමෙන් රජයට පාඩු කළ බවට අල්ලස් කොමිසම හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කප්රාල් මහතාට අමතරව කේ.ජී.ඩී. ධර්මසේන ධීරසිංහ. වසන්ත ආනන්ද සිල්වා. චන්ද්‍රසිරි ජයසිංහ, පණ්ඩිත සිරිවර්ධන. සහ එච්.ඒ කරුණාරත්න නමැත්තන්ට එරෙහිව නඩු පවරා තිබිණී.

පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට කරන ලද පැමිණිල්ලකට අනුව කරන ලද විමර්ශනයකින් අනතුරුව අල්ලස් කොමිසම විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරන ලදී.

විත්තිකරුවන්ට එරෙහිව මෙම සිද්ධිය සම්බන්ධයෙන්ම මීට පෙර අවස්ථාවකදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබු අතර විත්තිකරුවන්ට එරෙහි අධිචෝදනා පත්‍ර බාරදීම සඳහා එම නඩුව කැඳවු අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ නලීන් ලද්දුවහෙට්ටි නීතීඥවරුන් වන චමින්ද අතුකෝරල සහ හරිගුප්තා රෝහණධීර යන මහත්වරුන් මුලික විරෝධතා මතු කරමින් අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විත්තිතරුවන්ට එරෙහි අධිචෝදනා පත්‍රයට අත්සන් කර ඇත්තේ ඔහු එම තනතුරට පත්වීමට දින 11කට පෙර හෙයින් විත්තිතරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති අධි චෝදනා පත්‍රයේ නීත්‍යානූකූලභාවය සම්බන්ධයෙන් විරෝධතාවයක් මතු කළහ.

අල්ලස් කොමිසම විත්තිතරුවන්ට එරෙහිව ඉදිරිපත් කළ අධිචෝදනා පත්‍රයේ නෛතික වලංගුතාවයක් නොමැති බවත් එම අධි චෝදනා පත්‍රය බලශුන්‍ය බවත් අවධාරණය කල නීතිඥවරුන් මෙම තත්වය යටතේ තම සේවාදායකයින්ට අධි චෝදනා පත්‍ර බාර නොදී සිය`ථ චෝදනනා වලින් ඔවුන් නිදහස් කරනනැයි ඉල්ලීම් කළහ.

විත්තියේ නීතීඥවරුන් ඒ අවස්ථාවේදී මතු කල මූලික විරෝධතාවය පිළිගත් මහාධිකරණ විනිසුරු අදිත්‍ය පටබැඳිගේ මහතා විත්තිකරුවන්ට අධිචෝදනා පත්‍ර බාර නොදීම සිය`ථ චෝදනා වලින් පසුගිය මැයි 31 වැනිදා ඔවුන් සිය`ථ දෙනා නිදහස් කෙරිණී.

ඉන් අනතුරුව අල්ලස් කොමිෂම විසින් පසුගිය අගෝස්තු 21 වැනිදා විත්තිකරුවන්ට එරෙහිව එම චෝදනාව යටතේම යළිත් වරක් නඩු පවරන ලද අතර ඒ අනුව අධිකරණයෙන් නිකුත් කළ සිතාසි වලට අනුව නඩුව කැඳවු අවස්ථාවේදී විත්තිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.

විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු කරුණු දක්වමින් තම සේවාදායකයින් මුල් අවස්ථාවේ සිටම විමර්ශන කටයුතු වලට සහය දී ඇති හෙයින් ඔවුන් රක්ෂිත බන්ධනාගාරයේ රඳවාගෙන නඩු විභාගය පැවැත්වීමේ අවශ්‍යතාවක් නැතැයි පැවසුහ.

එහෙයින් තම සේවාදායකයින්ට ඇප නියම කරන්නැයිද තම සේවාදායකයින්ට එරෙහි අධි චෝදනා පත්‍රයන්ට අත්සන කළ අල්ලස් හෝ කොමිෂමේ අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ පත්වීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් දී ඇති හෙයින් තම සේවාදායකයින්ට එරෙහිව ගොනු කර ඇති චෝදනා පත්‍ර සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරි නඩු දිනයේදී ගොනු කිරීමට පියවර ගන්නා බව නීතීඥවරු වැඩිදුරටත් දැනුම් දුන්හ.

ඉදිරිපත්වු කරුණූ සළකා බැලීමෙන් අනතුරුව විත්තිකරුවන් කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට නියම කළ විසුරුවරයා නඩුව යළි කැඳවන දෙසැම්බර් 06 වැනිදා විත්තියේ මූලික විරෝධතා ඉදරිපත් කිරීමට නියම කළේය.



අදහස් (1)

කබ්රාල්ට එරෙහිව නඩුවේ අධි චෝදනා පත්‍ර බාරදෙයි

අරවින්ද මොනරවිල Thursday, 10 October 2024 04:43 PM

රටට වසංගතයක් වෙලා හිටිය පොරක්, රාජපක්ෂ කල්ලිය එක්ක එකතුවෙලා හොරා කන එක තමයි මෙයාගේ විනෝදාස්වාදය වෙලා තිබුනේ. ග්‍රීක බැදූම්කර වගේම හෙජින් ගනුදෙනුව, බාල පෙට්රල් අපනයන වගේ ඒවට මෙයාට චෝදනා තියෙනවා.

:       1       23

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 47 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site