IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දෙයි

(අංජුල මහික වීරරත්න)

නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.

කැබිනට් මණ්ඩලය විසිපහකට සීමාවන බවත් ඇතැම් අමාත්‍යාංශ සඳහා නියෝජ්‍ය අමාත්‍යවරුන්ද පත්කිරීමට නියමිත බවත් රජයේ ප්‍රකාශකයෙක් පැවසීය.

දිවයිනේ සියලු දිස්ත්‍රික්කවලට සාධාරණයක් වන පරිදි කැබිනට් අමාත්‍ය ධුර පත්කිරීමට නියමිතව ඇති අතර අමාත්‍ය දුර ලබාදීමේදී විෂය දැනුම සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් යොමු කරන බව රජයේ ප්‍රකාශකයා කීය.

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට නියමිතව ඇත.



අදහස් (7)

කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දෙයි

pakeer Sunday, 17 November 2024 11:20 AM

නියෝජ්‍ය අමාත්‍යවරු කියන්නේ ප්‍රෝඩාවක්... ඒවට පත්කරන්න ඕනේ ලේකම්ලා... බොරු වැඩ... හිතවත් අයට දෙන නිලතල මේවා...

:       43       34

nanda Sunday, 17 November 2024 11:48 AM

සෝවියට් රුසියාව ලෝකයේ විශාලම රාජ්‍යයක්... එම රටේවත් අපේ රටේ තරම් මැති ඇමැතිවරු නැහැ.

:       6       24

Dr Vajira FernandoSunday, 17 November 2024 12:39 PM

අමතර වරප්‍රසාද ලබාගන්නේ නැතිනම් විද්‍යාත්මක පදනමකට අමාත්‍ය ධූර හා නියෝජ්‍ය අමාත්‍ය ධූර කොපමණ ප්‍රමාණයක් ලබා දුන්නත් කමක් නෑ.

:       15       18

PereraMonday, 18 November 2024 03:23 AM

නන්ද, රුසියාවේ තියෙන්නේ ෆෙඩරල් ක්‍රමයක් නියෝජ්‍ය අගමැති තනතුරු 8 ක් තියනවා ප්‍රාන්ත ඇමැතිවරු 22 ක් සිටිනවා. එම ප්‍රාන්ත වල වැඩකටයුතු සඳහා ප්‍රාන්ත වල තව විෂය බාර ඇමැතිවරු වෙනම සිටින බව දන්නවාද?

:       0       0

සෙනෙවිරත්න Sunday, 17 November 2024 11:56 AM

Pakeer ඔබේ නමේ හටියටම උත්තරයක් දීලා, රාජ්‍ය ඇමැතිකම් තමයි ගහගෙන කන්න දීපු තනතුරු, නියෝජ්‍ය කියන්නේ ලෝකේ හැම රටකම තියෙනවා. අනෙක හිතවතුන් වුණත් මන්ත්‍රීවරු, මේ බලවේගයේ එහෙම හිතවතුන් නැහැ... සුදුස්සා තමයි හිතවතා...!

:       7       26

Amith Sunday, 17 November 2024 01:54 PM

කළින් ආණ්ඩු කරපු අයට කඩේගිය අයගේ ප්‍රතිචාර දැක්කාම හිනාත් යනවා.

:       8       18

Nandalal DE SILVA - France Sunday, 17 November 2024 03:28 PM

ස්වේච්ඡාවෙන් හෙවත් නොමිලයේම, කිසිම වැටුපක්, වරප්‍රසාදයක් හෝ බදුගෙවන මහජනතාවගේ සතයක්වත් හෝ සිය මඩියට දමා නොගෙන රටට සේවයක් කිරීමට පුළුවන්, අවංක මනුෂ්‍යයින් ජාතික ජනබල පක්ෂයේ සිටී නම්, ඒ සියළු දෙනාටම ඇමැතිකම් දුන්නාට රටවැසියා විරුද්ධ නොවනු ඇත....

:       1       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 658 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site