IMG-LOGO

කෑන්වලට ඉන්ධන සැපයීම අත්හිටුවයි

(යොහාන් භාසුර)

ඩීසල් සහ පෙට්‍රල් පිරවුම්හල්වලින් කෑන් සහ බූලිවලට නිකුත් කිරීම හෙට (12) සිට 14 වැනිදා දක්වා දින තුන තුළ අත්හිටුවන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා අද (11) පස්වරුවේ පැවසීය.

භූමිතෙල් කෑන්වලට ලබාගැනීමට බාධාවක් නොමැති බව කී සුමිත් විජේසිංහ මහතා කෘෂිකර්මාන්තයට අවශ්‍ය ඩීසල් සහ පෙට්‍රල් අදාල ප්‍රදේශයේ කෘෂි පරීක්‍ෂණ නිලධාරියා හෝ ග්‍රාම නිලධාරීවරයාගේ සහතික සමඟ ඉන්ධන පිරවුම්හලට ඉදිරිපත් කිරීමෙන් කෑන්වලට ලබාගත හැකි බව ද සඳහන් කළේය.

නිෂ්පාදන කර්මාන්ත සඳහා අවශ්‍ය ඩීසල් සහ පෙට්‍රල් කෑන්වලට ලබාගැනීමට අදාල ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ සහතිකය අවශ්‍ය වන බවත් ඉන්ධන අනවශ්‍ය ලෙස තොග රැස්කිරීම ජනතාව නතර කළ යුතු බවත් විජේසිංහ මහතා කීය.

ඛනිජ තෙල් සංස්ථාව පසුගිය දින හතරේ පමණක් ඉන්ධන මෙටි්‍රක්ටොන් 35,000 ක් වෙළෙඳපොලට නිකුත් කර ඇති බවත් පසුගිය ඉරිදා සහ සෙනසුරාදා පමණක් ඉන්ධන මෙටි්‍රක්ටොන් 21,000 ක් නිකුත් කළ බවත් විජේසිංහ මහතා වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (12)

කෑන්වලට ඉන්ධන සැපයීම අත්හිටුවයි

කිරි පුතා Monday, 11 April 2022 03:02 PM

පැහැදිලිවම මෙතන වෙන්නේ ව්‍යාපාරයක්. නැත්නම් කවද්ද ලංකාවේ මේ තරම් බූලි වලට ඩීසල් අරන් ගියේ...? අපේ රටේ මිනිසුන් කරන්නේ කළ දුටු කළ වල ඉහගන්න දඟළන එක. රටට හෙන ගැහුවත් කමක් නෑ...

:       28       22

fairoosMonday, 11 April 2022 04:15 PM

අනේ මෙහෙමත් මෝඩ අදහස්... අවශ්‍ය පරිදි ඉන්ධන තිබෙනවා නම් කවුද කලු කඩෙන් ගන්නේ?

:       8       10

BamunuarachchiTuesday, 12 April 2022 10:05 AM

මෙන්න ගොබ්බ කතාවක්. හලෝ මේ ප්‍රශ්න ඔක්කොම තෙල් නැති නිසා ඉතින් අවශ්‍ය පරිදි ඉන්ධන තිබෙනවා නම් කතාව මෙතනට අදාළ නැහැ. හමබ්යෝ කෑන්වලට ඉන්ධන එකතු කර වැඩි ගානට විකුනනවා. එක නවත්තන්නයි ඕනේ.

:       0       0

Prabha Monday, 11 April 2022 06:54 PM

කිරි පුතේ, වැඩියෙන් ගෙවලා තෙල් ගන්න මිනිස්සුන්ට අහවල් පැත්තේ අමාරුව නැහැ.

:       9       11

චන්දන Tuesday, 12 April 2022 07:26 AM

ලංකාවෙ පලමු වතාවට හැම වාහනයකම ඉන්ධන ටැංකි ෆුල් කරනව. දැං පෝලිම් වල ඉන්න බහුතරයක් වාහන වලට තෙල් ලීටර 10ට 12 වැඩිය වදින්නේ නැහැ. අද සිට ලංකාවෙ සියලු ඉන්ධන හල් වැහුවත් සති 2ක් යනතුරු පාරෙ වාහන අඩුවක් නැහැ. ඇත්ත එයයි .

:       0       0

BamunuarachchiTuesday, 12 April 2022 10:06 AM

හමබ්යෝ කෑන්වලට ඉන්ධන එකතු කර වැඩි ගානට විකුනනවා. එක නවත්තන්නයි ඕනේ. ඊයේ මගේ වානයට තෙල් ගහ ගත්තේ රෑ 11 ට. 1977 සිටන් රැස් කරපු පව් දන්ගේවනවා.

:       0       0

ජයරත්න Monday, 11 April 2022 04:32 PM

යල කන්නයේ සීසෑමට ට්‍රැක්ටර්වලට අවශ්‍ය ඩීසල් ගොවිමහතුන්ට පහසුවෙන් ලබා ගැනීමට ක්‍රමයක් සකස් කරන්න. ඒ බව අදාළ ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල්වලට දැනුම් දෙන්න... ඒ වගේම ඉන්ධන ජාවාරම්කාරයින් වහා අල්ලන්න...

:       0       15

ධීවරයා Monday, 11 April 2022 05:13 PM

බෝට්ටුවෙ මූදු යන කට්ටිය බෝට්ටුව පැදගෙන පෙට්‍රල් ෂෙඩ් එකට එන්න.. විශාල වුවද කම් නැත. යන්ත්‍ර සූත්‍ර සහ කොළ මඩින යන්ත්‍ර ෂෙඩ් එකට ගේන්න. ගුටිකෑමට නියමිතයි. නාට්‍යයේ හොඳම හරිය.. මෙතැනින් පටන් ගන්න ඉඩ තියනවා. එක එක සමාජ ගැටළු පුරෝකථනය කිරීමට නොහැකි මොට්ට නිලධාරින් සහ පාලකයින් ඇති එහෙත් සාමාන්‍ය සාක්ෂරතාවට වැඩිම රට ලංකාව වූ කලි කළයුත්තේ කුමක්දැයි තීරණය කිරීමට වෘත්තිකයින් හා වංචනික නොවූ අයගේ දැඩි හිඟයක් පවතී.

:       5       11

Prabha Monday, 11 April 2022 05:43 PM

ඩීසල්වලින් කසිප්පු පෙරන්නවත් පටන් අරන්ද?

:       0       10

Jagath Monday, 11 April 2022 06:26 PM

ඔන්න ලංකාවේ කැකිල්ලේ තීන්දුවක්. හිඟය එන්නේ ෂෙඩ් අයිතිකාරයින් ඩීසල් ටික හෝටල් වලටයි, අපාර්ට්මන්ට් වලටයි වැඩි මිලට විකුණලා ඉතුරු ටික ෂෙඩ් එකට එවන නිසා. ෂෙඩ් එකේ 200ට අඩුවෙන් විකුණන එක 300ට දෙන්න පුළුවන් කම තියෙනකොට පෝලිමේ ඉඳලා කීදෙනෙක් මළත් මොකද? පාලකයින් තම තමාගේ වැඩනේ...

:       1       12

ඩයස් Monday, 11 April 2022 08:06 PM

නෝනා කියනවා අවුරුදුවලටවත් වත්ත පිටිය සුද්ධ කරන්න කියලා ග්‍රාස් කටර් එකට පෙට්‍රල් ටිකක් ගන්න ග්‍රාම නිලධාරි ප්‍රාදේශීය ලේකම් හමුවෙන්න කියලා.. දැන් කාලයක් නැත්තේ මේ දිනවල රජයේ නිවාඩු නිසා... ඉතින් අවුරුදු දවසේත් මෙහෙම්ම ඉන්නවා. භූමිතෙල් ගන්න දෙතුන් දිනක් ගියා.. නැහැ.. කවුද අප්පා මෙහෙම තීරණ ගන්නේ?

:       0       0

Abaya Monday, 11 April 2022 08:53 PM

හොඳ වැඩක්. ගමේ කඩේ පෙට්‍රල් බෝතලය රුපියල් තුන්සීයයි.හදිස්සියට මෝට සයිකල් වලට ගහගෙන යනවා.ඩීසල් ලීටර් 4 ක් රුපියල් දාහයි. හැබැයි තණකොළ කපන එක රැකියාව කරගත් අයට දිය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 372 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 921 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1315 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site