IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කන්දකාඩු කඳවුරෙන් රැඳවියෝ පිරිසක් පැන යති

(යොහාන් භාසුර සහ ක.ග කරුණාරත්න)

වැලිකන්ද කන්දකාඩු පුනුරුත්ථාපන කඳවුරෙන් රැඳවියන් 136කට ආසන්න පිරිසක් අද (11) පස්වරුවේ පැනගොස් ඇති බවත් ඔවුන් සොයා මෙහෙයුමක් ආරම්භ කළ බවත් පොලිසිය අද රාත්‍රී පැවසීය.

එම කඳවුරේ නේවාසිකව පුනුරුත්ථාපනය වෙමින් සිටි පුද්ගලයන් 50 ක පමණ පිරිසක් කඳවුරේ වැට කඩාගෙන අද පස්වරු 5.30 ට පමණ පැන ගොස් තිබූ බවත් සිද්ධිය වාර්තා වූ මොහොතේ සිට ඔවුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ආරම්භ කළ බවත් පොලිසිය කීය.

එම පිරිස කන්දකාඩු කැලෑ ප්‍රදේශයට පැන ඇති බව කී වැලිගන්ද පොලිසියේ නිලධාරියෙක් පැවසුවේ රාත්‍රී කාලයේ ඔවුන් සෙවීම වඩාත් අසීරු කාර්යක් බවට පත්ව ඇති බවයි.

ඒ හේතුවෙන් කැලෑ ප්‍රදේශය වටකර ආරක්‍ෂක වළල්ලක් යොදා ඇති බවත් හැකි ඉක්මණින් ඔවුන් අත්ුඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් එම නිලධාරියා කීය.

කඳවුර තුළ ඇති වූ නොසන්සුකාරී තත්වයක් මධ්‍යයේ මෙම පිරිස පැනගොස් ඇති බව ද වාර්තා වේ.

මෙම මෙහෙයුමට වැලිකන්ද පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සමන්ත රත්නායක මහතා ප්‍රමුඛ නිලධාරීන් 30 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමට අමතරව මනම්පිටිය සහ පොළොන්න්රුව යන පොලිසිවලින් ද නිලධාරී කණ්ඩායම් කැඳවූ බව ද පොළොන්නරුව ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙක් ඊයේ රාත්‍රී පැවසීය.

පැනගිය රැදවියන් අත්අඩංගුවට ගැනීමට යුද හමුදාව ද එක්ව සිටින බව පොලිසිය සදඟන් කළේය. 



අදහස් (0)

කන්දකාඩු කඳවුරෙන් රැඳවියෝ පිරිසක් පැන යති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 143 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 763 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site