IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කන්දකාඩුවේ නිරෝධායන අවසන් කළ දෙදෙනෙකුට කොරෝනා

(අජිත් ලංකාතිලක)
 
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන්  කළ යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකුට නැවත කොරෝනා ආසාදනය වී ඇතැයි අකුරැස්ස  පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පී.ඒ. ප්‍රේමරත්න මහතා පවසයි.
 
ඔවුන් අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද කොරෝනා ආසාදනය වූ බැවින් ඔවුන් දෙදෙනා නැවත කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකර ඇති බවද, ඒ මහතා  කීය. 

අකුරැස්ස පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.
 
“පරීක්ෂණවලදී තහවුරු වූ කරුණු  මත අකුරැස්ස, ගල්ලල, නාවල  සහ අකුරැස්ස, හේනේගම, බලපාත ප්‍රදේශයන්හි  එම ආසාදිතයින්ගේ පවුල් දෙකට අයත් 8දෙනෙකු නිරෝධායන කටයුතු සඳහා බියගම නිරෝධායන මධ්‍යස්ථානය වෙත  යොමුකළා.
 
මීට අමතරව මේ වනවිට ආසාදිතයින් ගනුදෙනු කළ වෙළදසැල්වල කාර්ය මණ්ඩලය, ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් සහභාගී වූ පෞද්ගලික උපකාරක පන්තියක සහ කෘෂිකර්ම රැස්වීමකට සහභාගීවුවන් 50 කට ආසන්න ප්‍රමාණයක් ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.
 
එසේම මෙම ප්‍රදේශයේ ම උත්සවයක් සංවිධානය කළ නිවැසියන්ට එරෙහිව නිරෝධායන නීති උල්ලංඝනය කිරීම යටතේ අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට  කටයුතු කරනවා” යැයි පැවසීය.
                                                 



අදහස් (2)

කන්දකාඩුවේ නිරෝධායන අවසන් කළ දෙදෙනෙකුට කොරෝනා

Anuruddha Monday, 13 July 2020 09:45 AM

සාමාන්‍ය මිනිහෙක් යම්කිසි කටයුත්තක් සඳහා උත්සවයක් සංවිධානය කරන එකට නඩු.. දේශපාලකයෝ රට වටේ උත්සව තිය තියා යනවා.. මිනිස්සු පොර කකා ඒවාට සහභාගි වෙනවා. එම වැඩවලට නිරෝධායන නීතියක් නැහැ.

:       0       0

දුෂාන් Monday, 13 July 2020 10:32 AM

දැන් එතකොට ඔය ඡන්ද රැස්වීම්වලට දහස් ගණන් ගෙන්නන සංවිධායකයින්ටත් නීතිය ක්‍රියාත්මක කරනවද phi මහත්තයෝ..?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site