IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති

(සුජිත් හේවාජුලිගේ )

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන්   කාන්තාවන්  විස්සකට වැඩි පිරිසක්  තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින්  කාන්තාවන්  වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ  ජාතික ජන බලවේගය පක්ෂයෙනි.

අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික්  ලැයිස්තුවෙන්  තේරී පත්ව සිටින්නීය.

මේ අතර සමන්මලී ගුණසිංහ මහත්මිය ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් ලැයිස්තුවෙන්ද, අම්බිගා සැමුවෙල් මහත්මිය ජාතික ජන බලවේගයේ බදුල්ල ලැයිස්තුවෙන්ද,  නිලන්ති කොට්ටහච්චිගේ මහත්මිය, ඔෂානි  උමංගා සහ  ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් ලැයිස්තුවෙන්ද,  සරෝජා පෝල්රාජ් මහත්මිය එම බලවේගයේ මාතර දිස්ත්‍රික් ලැයිස්තුවෙන්ද නිලූෂා ගමගේ මහත්මිය එම බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් ලැයිස්තුවෙන්ද සාගරිකා ආතාවුද මහත්මිය  ජාතික ජන බලවේග කෑගල්ල දිස්ත්‍රික් ලැයිස්තුවෙන්ද හිරුණි විජේසිංහ මහත්මිය ජාතික ජන බලවේග පුත්තලම දිස්ත්‍රික්  ලැයිස්තුවෙන්ද චතුරි ගංගානි මොණරාගල ජාතික ජන බලවේග දිස්ත්‍රික් ලැයිස්තුවෙන්ද තුෂාරි ජයසිංහ මහනුවර ජාතික ජන බලවේග ලැයිස්තුවෙන්ද හසාරා ලියනගේ ගාලු දිස්ත්‍රික් ජාතික ජන බලවේග ලැයිස්තුවෙන්ද දීප්ති වාසලගේ මහත්මිය ජාතික ජන බලවේග මාතලේ දිස්ත්‍රික් ලැයිස්තුවෙන්ද  තේරී පත්ව සිටිති.

හිටපු අමාත්‍යවරයෙකු වන ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ දියණිය වන චමින්ද්‍රාණි කිරිඇල්ල මහත්මිය සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් ලැයිස්තුවෙන්ද  හිටපු මන්ත්‍රීනි රෝහිනි කුමාරි විජේරත්න මහත්මිය සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් ලැයිස්තුවෙන්ද තේරී පත්ව සිටිති.



අදහස් (6)

කාන්තාවෝ 20ක් දියවන්නාවට යති

Samanalaya Friday, 15 November 2024 09:07 PM

මෙච්චර කල් පොහොට්ටුවට පවුල් ගස් කතා කියපු සමගි ජන බලවේගයේ ලක්ෂ්මන් කිරිඇල්ල එහෙනම් පවුල් ගස් ඉදිරියට ගෙන යාමට උදව් කරනවා.

:       7       67

ජයනාත්Saturday, 16 November 2024 05:54 AM

ඒක බලාගෙන තමයි තාත්තා ජාතික ලැයිස්තුවේ දමා ගත්තේ... දූෂිතයෝ සම්පූර්ණයෙන්ම අතුගාලා දාලා නැහැ.

:       1       1

ජයනාත්Saturday, 16 November 2024 07:00 AM

කිරිඇල්ල තාත්තා ජාතික ලැයිස්තුවේ නැහැ. ඒත් ඒ ප්‍රතිපත්ති දුව ගෙනියන්නේ නැහැ කියලා කියන්න පුළුවන් ද ..? කළුතර නොයැවිය යුතු වාහන හොරු යවලා තියෙනවා.. තවත් කීප දෙනෙක් ඉන්නවා සුද්ද වෙලා නැති...

:       0       1

Asela Saturday, 16 November 2024 03:53 AM

මම දන්නේ නැති හින්දා අහන්නේ... උගන්ඩා කුමාරිත් දැන් එන්නේ දියවන්නාවේද?

:       2       2

Deepal Nirosh Saturday, 16 November 2024 07:43 AM

අපේ කිරිඇල්ල ඇමැතිතුමා විවේචනය කළේ රාජපක්ෂ පවුල් ගස ඉදිරියට ගෙනයාම මිසක් වෙනත් පවුල් ගස් ස්ථාපිත කිරීම නොවෙයි. එතුමා ඒ පොරොන්තුව මේ මැතිවරණයේදී ඉෂ්ඨ කර තිබෙනවා.

:       0       2

සත්‍යපාල Saturday, 16 November 2024 07:45 AM

මෝඩ ඔල මොට්ටල අලුවිහාරේලා ලොන්තපෝල් රෝහණ දිසානායක නැතිව උගත් වැදගත් රෝහිනී ආව එක ගැන සතුටක්. මාතලෙන් හතරක්ම මාලිමාවෙන් වීම ඊටත් වඩා සතුටක්.. උගත්, වැදගත් දීප්ති වාසලගේ තෝරපු මාතලේ ජනතාව ගැන තියෙන්නේ ගෞරවයක්. හිරුනිකාලා ගීතලා, පවිත්‍රලා අපවිත්‍ර කරපු පාර්ලිමේන්තුවට හොඳ ගැහැණු දෙන්නෙක් මාතලෙන්...

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 658 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site