IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කාන්තාවන් රැවැටු අනංගයා පොලිස් දැලේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

 කාන්තාවන්ට විවාහ  පොරොන්දු දී  මුදල් වංචා කිරීමේ සිද්ධින් සම්බන්ධයෙන් වසර දෙකක් තිස්සේ   සොයමින් සිටි   හිටපු හමුදා සෙබළකු  අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි 

අත්අඩංගුවට ගත් එම සැකකරු දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකුට බවට  පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත

 සැකකරු   සති අන්ත පුවත්පත්වල පළවන මංගල යෝජනා වලට පිළිතුරු යවා කාන්තාවන් සමග හිතවත් වී විවාහ වන බවට පොරොන්දු දී මුදල් වංචා කර ඇතැයි පොලිසිය කියයි

ජැන්ඩියට ඇඳ පළඳින සැකකරු    උසස් රැකියාවක   නිරත වන පුද්ගලයකු බවට හඟවා  කාන්තාවන් මුලාකොට ඇති   සැකකරු මෙම වංචාව සිදුකර ඇත්තේ ඔහුගේ මව පිළිකා රෝගයකින් පෙළෙන බවත් ඊට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා හදිස්සියේ  මුදල් අවශ්‍යතාවයක් මතුව ඇති බැවින් නැවත මුදල් ලබා දීමේ පොරොන්දුව මත යයි පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත 

සැකකාර පුද්ගලයා එම කාන්තාවන් සමඟ  සමීප සබඳතා පවා පවත්වා ඇති බව ප්‍රශ්න  කිරිමේදී අනාවරණ නොවූ බව පොලිසිය කියයි 

මොහුගේ වංචාවට  හසුවී ඇති කාන්තාවන් පස්දෙනෙකු  මීට වසර දෙකකට පමණ ඉහතදී කොළඹ අපරාධ කොට්ඨාසය කරන ලද පැමිණිලි අනුව  සැකකරු සොයා ඔහු පදිංචිව සිටි බව කියන බදුල්ල හා හපුතලේ ප්‍රදේශ වලට ගිය ද සැකකරු පිළිබඳ කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය 

සැකකරු වයස අවුරුදු 7ක දරුවෙක් සිටින පියෙක් වන හතරක්  එම කාන්තාවගෙන් ද මේ වන විට  දික්කසාද වී ඇතැයි පොලිසිය කියයි 

 

                 

 



අදහස් (0)

කාන්තාවන් රැවැටු අනංගයා පොලිස් දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site