IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කැනඩා සිහින පෙන්වා මුදල් ගැරූ අයෙක් රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

කැනඩා රටේ රැකියා ලබා දෙන බවට පවසමින් තරුණ තරුණියන්ගෙන් මුදල් ලබාගෙන රුපියල් කෝටි පහකට අධික ප්‍රමාණයක් වංචා කළේ ඇයි කියන මිනුවන්ගොඩ ආනන්ද වෛද්‍යරත්න  සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා සැකකරු ලබන 16 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (02)නියෝග කළේය.

තරුණ තරුණියන්ගෙන් වංචා කළ මුදල් යළි ලබාදීමට කටයුතු කරන මෙන්  නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එසේ ගෙවීමට හැකි බවටයි යම් සහතිකයක් ලබා දෙන්නේනම් ඇප ඉල්ලීම කෙරෙහි සලකා බැලිය හැකි බවද සඳහන් කළේය.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී බන්ධනාගාර අධිකාරිය මගින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කළේය.

කොළඹ වංචා විමර්ශන කාර්යාංශය  කරුණු දක්වමින් කියා සිටියේ සැකකරුගේ වංචාවට හසු වූ පුද්ගලයින් රට පුරා සිටින බවත් ඔවුන් තවදුරටත් පැමිණිලි ඉදිරිපත් කරමින් පවතින බවය.

නව පැමිණිලි හතරක් ඉදිරිපත් කරන බවද සඳහන් කළේය.

කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 16 දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය. 



අදහස් (0)

කැනඩා සිහින පෙන්වා මුදල් ගැරූ අයෙක් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 705 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site