IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ක්න්ටේනරය කොට උඩ තබා රෝද ගලවාන යයි

(රේඛා තරංගනී ෆොන්සේකා)

මෙරටුව එගොඩ උයනේ වසා දමා ඇති කර්මාන්ත ශාලා භූමියක ගාල් කර තිබූ ක්න්ටේනර් රථයක රෝද 11ක් සහ තවත් උපාංග රැසක් සොරාගත් බව කියන සිව් දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව මොරටුව එගොඩ උයන පොලිසිය කියයි. 

පැහැරගත් එම රෝද බසයකට සහ ලොරි රථයකට සවිකර තිබියදී එම බස් රථය සහ ලොරිය කොට උඩ තබා රැගෙන ආ බව පොලිසිය පවසයි.

ක්න්ටේනරයේ ට්‍රේලරය කොට උඩ තබා එහි  තිබූ රෝද ගලවා ගෙන ගොස් තිබූ අතර වසා දැමූ කර්මාන්ත ශාලාවේ තිබූ  කොම්පෂර් යන්ත්‍රයක් , මෝටර් තුනක් ඇතුළු ලක්ෂ 15කට අධික වටිනාකමක් ඇති තවත් උපකරණ ද පැහැගෙන ගොස් තිබුණි.

ලී බඩුවලින් විවිධ භාණ්ඩ නිපදවා අපනයනය කරන කර්මාන්ත ශාලාවකට අයත් දෑ මෙසේ වරින්වර පැහැරගෙන ගොස් ඇතැයි ද පොලිසිය කියයි. මෙම කර්මාන්ත ශාලාව 2020 වර්ෂයේ  සිට වසා දමා ඇතැයි පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර සැකකරුවන් අතර වරෙන්තු කරුවන්ද සිටින බව පොලිසිය පවසයි.

 



අදහස් (3)

ක්න්ටේනරය කොට උඩ තබා රෝද ගලවාන යයි

Gunawardhana Friday, 24 February 2023 02:43 PM

ඔච්චර වටිනා බඩු තියෙන තැනක්, මුරකාරයෙක් ඉඳලා නැතිද?

:       0       0

Perera Friday, 24 February 2023 03:09 PM

රට කොට උඩ තියල ලංකාවෙ රෝද හතරයි එන්ජිමයි, අනික් එවයි ඔක්කොම හේශපාලුවන් ගලවන් ගිහින්.

:       1       2

Kumara Friday, 24 February 2023 08:59 PM

පුවන්නම් ගලෝපියව් කලිසමාගේ කලිසම ඌට නොදැනෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 388 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 547 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 229 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site