
(සුජිත් හේවාජුලිගේ)
වර්තමාන රජයේ සිටින උසස් නිලධාරීන් දෙදෙනකුට එරෙහිව නීතිමය කටයුතු කරන්නැයි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගිය රජය පත්කළ කොමිටියට යෝජනා දුන්නේද ඒ ආණ්ඩුවම යැයි මැල්කම් කාදිනල් රංජිත් අගරද ගුරුතුමෝ පැවසුහ.
පාස්කු ප්‍රහාරයේ විමර්ශන ඒ මේ අතහැරවීමට සමහරුන් උත්සාහ දැරුවත් ඒවා පිළිගැනීමට සූදානම් නැතැයිද උන්වහන්සේ ප්‍රකාශ කළහ.
අගරදගුරුතුමන් මෙසේ පැවසුවේ පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කරන ප්‍රකාශයට පිළිතුරු දෙමිනි.
මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමෝ මෙසේද ප්‍රකාශ කළහ.
ගිය රජය පත් කරපු කොමිෂන් සභා දෙකක වාර්තා රදගුරු මණ්ඩලයට ලබා දුන්නා. පළමුවැනි කොමිෂන් සභා වාර්තාවේ තියෙන්නේත් ජනාධිපති කොමිෂන් සභාව දුන්න නිර්දේශමයි. ඒ කොමිසමේ නිර්දේශ ලියන්න තව කොමිටියක් පත් කරන්න ඕනද. හැබැයි එතන පොඩි කට්ට වැඩක් කළා. ඒ නිර්දේශවලට අමතරව දැන් රජයේ ඉන්න උසස් නිලධාරීන් දෙදෙනෙකුට විරුද්ධව නීතිමය කටයුතු කරන්න කියලා ඒ කොමිටිය යෝජනා කළා. කොමිටියට ඒ යෝජනා දුන්නේ ආණ්ඩුවමයි. ආණ්ඩුවට ඕන ඕන පදයට පාස්කු ප්‍රහාරයේ විමර්ශන මේ අතට ඒ අතට අර අතට යවන්න ඒ ගොල්ල කටයුතු කළාට ඒවා අපි පිළිගන්න සූදානම් නැහැ. අපිට ඕන මේ සිද්ධියේ ඇත්ත දැනගන්න විතරයි.
මේ රටේ නායකයා පොරොන්දුවක් දීලා තියෙනවා. ඒ අනුව විමර්ශනයක් අරඹලා තියෙනවා. එය ඉටු කරනතුරු අපි දෑස් දල්වා බලා සිටිනවා.
රටේ ගංගාවල පා කර ඇරපු මිනිස්සු සුදු වෑන්වලින් උස්සප මිනිස්සු පාරෙ මරාපු මිනිස්සු ගැනත් යුක්තිය ඉෂ්ට වෙන්න ඕන. අසරණ මව්වරු පියවරු දරුවෝ අසරණ වෙලා ඉන්නවා. ඒවා වහන්න දෙන්නත් බැහැ.
අහිංසක මිනිස්සු එල්ලන්න අපිට අවශ්‍ය නැහැ. අපිට ඕන ඇත්ත දැනගන්න විතරයි. මහමොළකරුවන් කවුද කියලා දැනගන්න විතරයි.
2025 දෙසැම්බර් මස 30
44
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
713
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කාදිනල් තුමෝ ගම්මන්පිලට උත්තර දෙති
Lakmal Tuesday, 22 October 2024 08:40 AM
ගම්මන්පිළ වගේ අය ඇත්තටම පොළවටත් බරක්... මොවුන් වැසිකිළි පිරිසිදු කරනවා වගේ වැඩකටවත් යොදාගෙන රටට වැඩක් ගන්න ඕනේ...
යෝගා Tuesday, 22 October 2024 09:30 AM
පරක්කු වැඩියි.
සෙනෙවිරත්න Tuesday, 22 October 2024 10:13 AM
ඊයෙ ගම්මනන්පිලට කඩේ ගියපු අය කියයිද දන්නේ නැහැ කාදිනල් තුමත් වැඩේට හවුල් කියලා. එහෙම නොකීවොත් තමයි පුදුම.
ප්‍රයෝගා Tuesday, 22 October 2024 01:08 PM
නිරන්තරයෙන්ම නිසි වේලාවට, නිසි පරිදි , නියම පිලිතුරු ලබාදෙන මැල්කම් රoජිත් කාදිනල් හිමිපානනි, බෙහෙවින්ම ස්තුතියි ඔබවහන්සේට.