(මනෝප්‍රිය ගුණසේකර)
කාන්තාවක අයුතු ලෙස සිරකර තබා ගෙන ලිංගික අතවර කිරීමේ චෝදනාන්ට වරදකරුවන් වු පිටකොටුව පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනෙකුට බරපතල වැඩ සහිත වසර 10 බැගින් වූ සිර දඬුවම් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියම කළේය.
විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් අදාළ දඬුවම නියම කළ විනිසුරුවරයා මීට වසර 07කට ඉහතදී කළ වරදට රුපියල් 15000/- බැගින් දඩ මුදලකටද ඔවුන් යටත් කළේය.
චෝදනාවන්ට වරදකරු වීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ පිටකොටුව පොලිසියට අනුයුක්තව කෙස්තාපල්වරුන් වශයෙන් කටයුතු කළ එම්. ජයරත්න හා එස් .විජේසිංහ නමැත්තන්ටය.
2015 වසරේදී කාන්තාවක අයුතු ලෙස සිරගත කර ගෙන ලිංගික අතවර කිරීම ඇතු`ථ චෝදනා පහක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා චෝදනා නඟා තිබිණී.
මේ සම්බන්ධයෙන්පැැවැති දර්ඝ නඩු විභාගයේදී විත්තිකරුවන් පිටකොටුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කර ඇති බවත් ඔවුන් කාන්තාවක අයුතු ලෙස සිරගත කර ගෙන ලිංගික අතවර කළ බවට පැමිණ’ල්ලක් ලැබී ඇති බවත් නඩු විභාගයේදී අනාවරණය විය.
මේ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් විමර්ශනයක් පවත්වා පසුව විත්තිකාර පොලිස් කොසතතාපල්වරු දෙදෙනා අත්අඩංගුවට ගේන ඇත් බවත් පසුව නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු පවරා ඇති බවත් අනාවරණය විය.
මේ සම්බන්ධයෙනන් පැවැති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකරුට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුවන්ට වසර 10 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් හා දඩ නියම කළේය.
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන “බුද්ධ රශ්මි”වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙ
රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත්
පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට දුන් සංඥාව හොඳින් තේරුම් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයෙන් පෞද්ගලික හේතු මත ලබන 15 වැනිදා සිට ඉල්ලා අස්වන බව එම සභාවට ද
කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල විවිධ රැකියාවන්හි නිරතව සිටි විශාල පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සිය ගම්බිම් වෙත ගොස් නැත
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
කතක සිරකර අතවර කළ රාලහාමිලා දෙකක් වසර 10 හිරේ
Shantha - Qatar Wednesday, 19 October 2022 05:38 PM
වැටත්, නියරත් ගොයම් කා නම් කාට පවසම්ද ඒ අමාරුව...?
ganegoda Wednesday, 19 October 2022 05:43 PM
මේ තීන්දුව ගැන අපි ‘‘ශ්‍රී ලංකා අධිකරණයට‘‘ අපගේ විශිෂ්ඨ ස්තුතිය..!
arschfikaa Wednesday, 19 October 2022 10:23 PM
මුන් දෙන්නා නැවතත් එලියට ආපු දවසකට ඕකම කරන්න පුලුවන්ද.ඒ නිසා අවුරුදු 10 කට හිරේ යවන්න ඉස්සරවෙලා මුන් දෙන්නාගේම සුරුට්ටු දෙකයි ඇට හතරයි සම්පුර්නයෙන්ම කපලා වෙන් කරලා දාන්න
sharm warn Thursday, 20 October 2022 08:58 AM
මතක ඇති කාලෙක වාර්තා වූ රාලහාමි හපන්කම් අතරට එකතු වෙන අලුත්ම එක.