IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කඩ සුද්දෙක් මාට්ටු

(තිලකරත්න දිසානායක)

දිවා කාලයේ දිවයිනේ විවිධ නගරවල සැරිසරා සොරා ගැනීමට සුදුසු වෙළඳසැල් පිළිබඳව සොයා  රාත්‍රී කාලයේදී පැමිණ වෙළඳසල්වල අගුල් කඩා මහාපරිමාණයෙන් සොරා ගැනීම් සිදු කළ බව කියන තිදෙනකුගෙන් යුත් කොල්ල කල්ලියක් අත් අඩංගුවට ගත් බව  යක්කල පොලිස් අපරාධ විමර්ශන අංශ නිලධාරීන් සමත්ව ඇත.

මත් ද්‍රව්‍ය භාවිතයට යොමුව ඇති සොර කල්ලියේ නායකයා බව පැවසෙන පුද්ගලයා විසින් මත් ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූ තවත් දෙදෙනකුද සම්බන්ධකරගනිමින් ඔහු සතු ලොරියක් භාවිතා කොට වෙළඳසල්වලින් රුපියල් ලක්ෂ ගණන් වටිනාකමින් යුත් විවිධ අන්දමේ භාණ්ඩ විවිධ ප්‍රදේශයන්හිදී සොරා ගැනීම් සිදු කළ බවට සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණයවීම මත දැනට රුපියල් කෝටි තුනක පමණ භාණ්ඩ අත් අඩංගුවට ගැනීමට හැකිවී යැයි පොලීසිය සඳහන් කරයි.

දැනට අත් අඩංගුවට ගෙන සිටින ප්‍රධාන සැකකරු 34 හැවිරිදි කඩුවෙල , කොරතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනෙක් දෙදෙනා කඩුවෙල සහ මීගහවත්ත ප්‍රදේශයන්හි පදිංචි අවුරුදු 28 සහ 38 යන වයසේ පසුවන බවත් මොවුන් විසින් රුපියල් කෝටි හයක පමණ භාණ්ඩ සොරාගත් බව ප්‍රකාශ වී ඇති බවත් පොලීසිය පවසයි.

යක්කල නගරයේ විදුලි භාණ්ඩ වෙළඳසලකට ඉකුත් 16 වෙනි දින අලුයම් කාලයේදී  ඇතුලුවී රුපියල් ලක්ෂ 9 ක් පමණ වටිනා ද්‍රව්‍ය පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යක්කල පොලීසියට ලද පැමිණිල්ලකට අනුව ගම්පහ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ මහතාගේ උපදෙස් පරිදි සහකාර අධිකාරී රුවන් නාරාවිටගේ මහතාගේ සෘජු අධීක්ෂණය මත යක්කල පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අතුල ගමගේ සහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කවිදු ප්‍රභාෂ්වර යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් දින 12 ක් පුරා විවිධ ප්‍රදේශයන්හි ආරක්ෂිත කැමරා පරීක්ෂාවට ලක්කරමින් ලොරි රථයේ අංකය හදුනාගෙන සැකකරුවන් ගමන්ගත් මාර්ග පරීක්ෂාවට ලක් කරමින් සිටියදී ගම්පහ , බැලුම්මහර ප්‍රදේශයේදී ප්‍රධාන සැකකරු අත් අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය පවසයි.

ප්‍රධාන සැකකරු අත් අඩංගුවට ගන්නා ලද අවස්ථාවේ ඔහු සන්තකයෙහි තිබී අයිස් වර්ගයේ මත් ද්‍රව්‍ය මිලි ලීටර් 11, 500 ක් තිබී ඇති බවත් අනතුරුව සෙසු සැකකරුවන්ද අත් අඩංගුවට ගෙන ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කොට ලබාගත් රැඳවුම් නියෝග මත රදවා ගෙන ප්‍රශ්න කිරීමේදී ප්‍රදේශ ගණනාවකදී සිදු කළ සොරකම් පිළිබඳව අනාවරණය වීම මත ප්‍රධාන සැකකරුගේ බිරිඳගේ කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසේ තිබී සොරාගන්නා ලද භාණ්ඩ තොගයක් සොයා ගැනීමට හැකිවූ බවද පොලිසිය කියයි.



අදහස් (0)

කඩ සුද්දෙක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 47 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site