IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කඩු තුනක් සමඟ අපරාධ කල්ලි සාමාජිකයෙක් අත්අඩංගුවට

( පුෂ්පකුමාර මල්ලවආරච්චි)  

කිසියම් අපරාදයක් කිරීමට අරමුණු කරගිනිමින් ළග තබාගත් බවට සැලකෙන දර්ශණීය ආකාරයට සැකසූ කඩු තුනක්   ඒවා බහාලන කොපු දෙකක් සමග අපරාධ කල්ලියකට සම්බන්ධ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පල්ලෙවෙල පොලිසිය කියයි.

පල්ලෙවෙල පොලිස් වසමේ ගස්පේ ප්‍රදේශයේ නිවසක මේ අන්දමේ කඩු සගවා ඇති බවට බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුනු තොරතුරක් අනුව සිදු කෙරුණු සෝදිසියකදී 38 හැවිරිදි සැකකරු සතුව තිබූ මෙම කඩු සොයාගෙන  ඇත්තේ ඇද මෙට්ටයක සගවා තිබියදීය.

අගල් 28, 32 හා 38 දිගින් යුත් මෙම කඩු තුනෙන් දෙකක් ඉතා දර්ශණිය අන්දමින් සකසා ඇති අතර අනෙක සාමාන්‍ය අන්දමේ එකක් බවද පොලිසිය සදහන් කරයි.

එක් බහාලන කොපුවක් හම් ආවරණයක් මගින් සකසා ඇති අතර අනෙක ලීවලින් සකසා රන් පැහැ ආලේප කර තිබූ බව පොලිසිය සදහන් කරයි.

ලැබුනු තොරතුර අනුව මෙම කඩු සෙවීමට ගිය අවස්ථාවේ සැකකරුගේ නිවසේ තිබී කසිප්පු බෝතල් අටක් අඩංගු කෑන් එකක්ද සොයාගත් බවද සැකකරු කළක් තිස්සේ කසිප්පු වෙළෙදාමේ යෙදී ඇත්තෙකු බව හෙලිවීයැයිද පොලිසිය කියයි.

අත්අඩංගුවට ගැනුනු සැකකරු විවිධ අපරාධ වලට සම්බන්ධ කල්ලියක සාමාජිකයකු බව හෙලිවී ඇතැයිද පොලිසිය සදහන් කළේය.

 



අදහස් (0)

කඩු තුනක් සමඟ අපරාධ කල්ලි සාමාජිකයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 9 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site