IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්

(ගයාන් සූරියආරච්චි)

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇති බව යාපනය පොලිසිය පවසයි.

කඩු ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා යාපනය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි. මෙසේ බරපතළ තුවාල ලබා ඇත්තේ යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේ පදිංචි බස් හිමියකු බව පොලිසිය පවසයි.

එම කඩු ප්‍රහාරවලින් බස් හිමියාගේ අත් දෙක බරපතළ තුවාල ලබා ඇති බවත් එම අවස්ථාවේදී බස් රථයෙන් සිටි කාන්තාවන් කීපදෙනකු බසයෙන් බැස සී සී කඩ දිවගොස් ඇති බවත් පොලිසිය පවසයි.

සී.සී.ටී.වී දර්ශන ඔස්සේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන සිදුකරන අතර සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් හේතුවක් අනාවරණය වී නොමැති බව පොලිසිය පවසයි.



අදහස් (0)

කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site