
(ඩී.ජී.සුගතපාල - එම් සුසිල් ප්‍රියන්ත)
කඩු 6ක්, මන්නා පිහියක්, ටි 56 උණ්ඩ යෙදිය හැකි ගල් කටස් වර්ගයේ ගිනි අවියක් සහ ගංජා ග්‍රෑම් 150ක් සමග සැකකරුවන් තිදෙනෙකු හික්කඩුව කලුපෙ ප්‍රදේශයේදි රත්ගම විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ අවරුදු 19,22,26 වයස්වල පසුවන සැකකරුවන් තිදෙනෙකි.
කිසියම් අපරාධයක් කිරිමට සැළසුම් කරමින් සිටින බවට ලැබුන තොරතුරක් අනුව කලුපේ ප්‍රදේශයේ නිවසක් වටලා සැකකරුවන් සහ ආයුධ අත් අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරිම සදහා මිටියාගොඩ පොලිසියට බාරදි ඇත.
(ඡායාරූප එම් සුසිල් ප්‍රියන්ත)

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.