(පද්මසිරි ගාර්දියවසම්)
කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ අතුරුදහන්ව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි .
නාකුලුගමුව සීනිමෝදර බටහිර මල්ගම්පුර පදිංචි කරුවෙකුට අයත් මිහින්දි නමැති අතුරුදහන්ව ඇති එක්දින ධීවර යාත්‍රාවේ කුඩාවැල්ලේ පදිංචි වයස අවුරුදු 20, 23, 30 වයසේ පසුවන ධීවර තරුණයින් තිදෙනකු මුහුදු ගොස් ඇතැයි පොලිසිය පැවසීය . අද (23) එම ධීවරයින්ගේ පවුලේ අය පැමිණ තංගල්ල මූලස්ථාන පොලිසියට සිද්ධිය පිලිබදව පැමිණිලි කර තිබේ .
අතුරුදහන් ධීවර යාත්‍රාව සොයා වෙනත් බහුදින ධීවර යාත්‍රා කිහිපයක් යොදවා සොයා බැලීම් කරන බවද සිද්ධිය පිලිබදව නාවික හමුදාව දැනුම්වත් කල බවද කුඩාවැල්ල ධීවර වරායේ නිළධාරියෙකු පැවසීය .
තංගල්ල මූලස්ථාන පොලිසිය සිද්ධිය ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වයි .
2025 දෙසැම්බර් මස 18
689
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
329
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්