
(ටී.කේ.ජී.කපිල )
රුපියල් කෝටි විසි පහක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් , තේ කොළ අඩංගු පැකට් තුළ සගවා ගෙන රැගෙන ආ ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් ඊයේ (18) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ .
මොහු කොළඹ , දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි ව්‍යාපාරිකයෙකි .
ඔහු මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට මැලේසියානු ගුවන් සේවයේ එම්.එච්.- 179 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ රාත්‍රී 11.30 ට පැමිණ තිබුණි .
මෙසේ පැමිණි මෙම පුද්ගලයා , කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති හරීත මාවත (Green Channel) ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටතට යාමට තැත් කරමින් සිටිය දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 10 යි ග්‍රෑම් 179 ක ප්‍රමාණයක් , තේ කොළ අඩංගු පැකට් තුළ සගවා ගෙන තිබියදී රේගු නිලධාරීන් විසින් සොයා ගෙන තිබුණි .
අත් අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය තොගය සහ ඒවා රැගෙන ආ ගුවන් මගියා , මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාර දීමට පියවර ගෙන තිබේ .
2025 දෙසැම්බර් මස 30
46
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
716
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කෝටි 25ක අයිස් කටුනායකදී මාට්ටු
Pujitha Saturday, 19 October 2024 01:03 PM
බය නැතිව මෙච්චර තොගයක් ari port එකෙන් ගේන්න මොන ඇමැතිගේ හයියටද? කාගේ හරි ඇමැති කෙනෙකුගේ support එකක් ඇති...!