(අජන්ත කුමාර අගලකඩ)
රට පුරා ඉකුත් කාලයේ සිදුකරන ලද ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් කෝටි විසිදහසක පමණ හිඟ බිල්පත් මහා භාණ්ඩාගාරයේ සිර වී ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
. ඉන් රුපියල් කෝටි 8000ක පමණ බිල්පත් මහාමාර්ග ඉදිකළ කොන්ත්‍රාත්කරුවන් විසින් ඉදිරිපත් කරන ලද බිල්පත් බවද පැවසේ.
මීට අමතරව, සෞඛ්‍යය,නිවාස, නාගරික සංවර්ධන ,අධ්‍යාපන ආදි අමාත්‍යාංශවලින් ඉදිරිපත් කළ රුපියල් කෝටි ගණනක බිල්පත් ද මහා භාණ්ඩාගාරයේ සිරවී වී ඇති බව වාර්තා වේ.
මීට වසර දෙක තුනකට පමණ පෙර සිට ගෙවීමට ඇති මෙම හිඟ බිල්පත් ගෙවීම සඳහා මුදල් සොයා ගැනීම බරපතළ ගැටලුවක් වී ඇතැයි දැනගන්නට ඇත.
මේ හේතුවෙන් කොන්ත්‍රාත්කරුවන් ද බරපතළ ගැටලු කාරී තත්වයකට මුහුණ දී සිටින බව දැනගන්නට තිබේ.
මහා මාර්ග ඉදිකරන ලද කොන්ත්‍රාත් කරුවන්ට මුදල් ගෙවීම සම්බන්ධයෙන් ගැටලුවක් තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද ඉකුත්දා පැවැති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට තිබේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කෝටි 20,000ක හිඟ බිල්පත් මහා භාණ්ඩාගාරයේ හිර වෙයි