IMG-LOGO

කෝටි ලක්ෂයේ ණය යෝජනාවට මැතිසබේ අනුමැතිය

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

භාණ්ඩාගාර බිල්පත්වලින් දේශීය වශයෙන් රුපියල් කෝටි 100000 ක ණය මුදලක් ගැනීමට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවේදී  අද (12) සම්මත විය.

මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබූවේ ලැබුවේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ මහතා විසිනි.

රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට යොමු කරන ලද දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ යෝජනාව ඉදිරිපත් කරන බව මධුර විතානගේ මහතා මෙහිදී දැනුම් දුන්නේය.

භාණ්ඩාගාර බිල්පත්වලින් ණය ලබා ලබා ගැනීම  මෙතෙක් පැවතියේ රුපියල් කෝටි ලක්ෂ පහේ ( බිලියන පන්දහස)   සීමාවේය.

නව යෝජනාව සමඟ එම සීමාව රුපියල් කෝටි  හය  ලක්ෂය දක්වා (බිලියන 6000) වැඩි කෙරෙනු ඇත.

මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේද මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේද අනුමැතිය පෙරේදා  (11) හිමිවිය.

භාණ්ඩාගාර බැඳුම්කරවලින් අරමුදල් සපයා   ගැනීමට වඩා මේ ආකාරයට කෙටිකාලීන ක්‍රමයට  ණය මුදල් ගැනීමෙන් පොලී සඳහා ගෙවීමට සිදුවන මුදල අඩු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය   ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

මෙම යෝජනාවට කැබිනට් මණ්ඩලයේද අනුමැතිය හිමිවිය.



අදහස් (1)

කෝටි ලක්ෂයේ ණය යෝජනාවට මැතිසබේ අනුමැතිය

Paulazz Friday, 12 May 2023 10:53 PM

අනුමැතිය හිමිවිය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 357 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 903 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1300 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site