IMG-LOGO

කටුනායක ඇඟළුම් කම්හලක් හදිසියේ වසා දමලා

( කටුනායක ටී.කේ.ජී.කපිල)

කටුනායක නිදහස් වෙළෙද කළාපයේ තුළ පවත්වාගෙන ගිය නෙක්ස්ට් ( NEXT ) ඇගලුම් නිෂ්පාදන කර්මාන්තශාලාව අද දින සිට දින නියමයක් නොමැතිව වසා දමා තිබේ .

1978 වසරේ සිට ආරම්භ කර ඇති මෙම කර්මාන්තශාලාව එංගලන්තයේ ආයෝජන ව්‍යාපෘතියක් වන අතර , එහි නිෂ්පාදිත ඇගලුම් ලන්ඩන් නුවර වෙත අපනයනය කළ බව එහි සේවකයෝ පවසති . සේවක සේවිකාවන් 2,000 ක් පමණ සේවය කර ඇත.

වර්තමානයෙහි ශ්‍රී ලංකාවේ පවතින නිෂ්පාදන පිරිවැය තවදුරටත් දරා ගැනීමට නොහැකි නිසා මෙම කර්මාන්තශාලාව වසා දැමීමට තීරණය කළ බව පාලනාධිකාරය සේවකයන් වෙත නිකුත් කර ඇති ලේඛනයක සදහන් වේ .

මේ වනවිට කර්මාන්ත ශාලාව ඉබි යතුරු දමා වසා දමා ඇති අතර ආරක්ෂක නිලධාරීන් පමණක් එහි රැදී සිටින අතර , කර්මාන්ත ශාලාව තුළ කිසිදු වගකිවයුතු නිලධාරීවරයකු නොමැති බව ද එම ආරක්ෂක නිලධාරීන් පැවසූහ .

 



අදහස් (7)

කටුනායක ඇඟළුම් කම්හලක් හදිසියේ වසා දමලා

යෝගා Tuesday, 20 May 2025 03:30 PM

වැඩ බැරි මූසල ආණ්ඩුවක් පවතින කිසිම රටක ආයෝජකයෝ රැඳෙන්නේ නෑ. යුද්ධ, කෝවිඩ් තියෙන කාලවලදීවත් මෙහෙම වෙලා නෑ.

:       32       29

ඇන්ඩ්රු-npp Tuesday, 20 May 2025 03:40 PM

ඔතන මාලිමාවට ඡන්දෙ දුන්න කීදෙනෙක් ඇද්ද. ඕකට තමයි පුනුරුදය කියන්නේ. සේදුම් බළකාය එන්න සෝදන්න.

:       31       29

Lal Tuesday, 20 May 2025 05:28 PM

තඹුත්තේගම ගං ගොඩයෙක් ගෙනත් කරගත්තු හරියක්..

:       14       13

සෞදි-සිංහ Tuesday, 20 May 2025 06:50 PM

රජයෙන් අවම වැටුප ඉහළ දැමීම මේක වහන්න හේතුව වෙන්න පුළුවන්...

:       0       4

De silva berlin Tuesday, 20 May 2025 08:19 PM

කර්මාන්ත සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය වලට අධික ලෙස තීරුබදු ගැසීම , අපි පිටරටවලින් ආනයනය කරන භාණ්ඩ වලට අධික ලෙස තීරුබදු ගසන නිසා , එම රටවල් වලින් අපේ රටින් යවන භාණ්ඩවලට අනාගතයේදී අධික ලෙස තීරු බදු ගසාවි යන බිය සහ සේවක අවම වැටුප වැඩි කිරීම නිසා EPF / ETF ගාස්තු වැඩිවීමත් මේකට බලපාන්න පුළුවන් අනාගතේදී තව දුරටත් කර්මාන්තශාලා වසෙන්න පුළුවන් , අපි එකට සුදානම් වෙන්න ඕනේ.

:       0       0

R.T.sarath Tuesday, 20 May 2025 08:23 PM

විවිධාකාර බදු වර්ග ,කර්මාන්ත පවත්වාගෙන යාමට රජයේ විවිධ ආයතනවලින් විවිධාකාර බලපත්‍ර ලබාගැනීමට , බලපත්‍ර ගාස්තු , අල්ලස් සහ වෙනත් වියදම් වැඩිවීම සහ මේ සදහා විශාල කාලයක් රජයේ කාර්යාල වල රස්තියාදු වීමට සිදු වීම , වැටුප් පිරිවැය වැඩි වීම මේ සදහා බලපාන්න පුළුවන්.

:       0       0

ගුණරත්න Tuesday, 20 May 2025 08:37 PM

ඔන්න මාලිමා ආණ්ඩුවේ ප්‍රතිඵල. ට්‍රම්ප් මහතාගේ බදු මේකට අදාළ නැහැ, මේ අපනයන යවන්නේ යුරෝපයට.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 343 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 174 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1851 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site