IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කොටුව - කන්කසන්තුරේ නගරාන්තර දුම්රියක් අද සිට

(මහින්ද නිශ්ශංක)

කොළඹ කොටුව - කන්කසන්තුරේ අතර නගරාන්තර දුම්රියක් අද (2) සිට ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

සෑම සෙනසුරාදා හා ඉරිදා දිනකම මෙම නගරාන්තර දුම්රිය ධාවනය කෙරෙන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ.ඉදිපොලගේ මහතා පැවසීය.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 5.30 ට පිටත් වන දුම්රිය දහවල් 11.38ට කන්කසන්තුරේ දුම්රිය ස්ථානයට ළඟා වන අතර නැවත එදිනම පස්වරු 12.30 ට කන්කසන්තුරේ දුම්රිය ස්ථානයෙන් පිටත්ව රාත්‍රී 7.19 ට කොටුව දුම්රිය ස්ථානයට ළගා වීමට නියමිතය.

පළමු පන්තියේ මැදිරි දහයකින් සමන්විත මෙම නගරාන්තර දුම්රියේ එක් ගමන් වාරයක් සදහා ප්‍රවේශපත්‍ර ගාස්තුව රුපියල් 3200 ක් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.



අදහස් (4)

කොටුව - කන්කසන්තුරේ නගරාන්තර දුම්රියක් අද සිට

Nandalal DE SILVA - France Saturday, 02 November 2024 05:22 PM

එතකොට අඩු ආදායම් ලාභීන්ට මේ අය කවුද? හැමෝටම පළවෙනි කැලෑසිය යන්න වත්කම් නැහැනේ...!!! 

:       6       7

Hgdk premalal Saturday, 02 November 2024 10:28 PM

බොහොම හොඳයි. වොරන්ට් වලින් යන්න පුළුවන්ද බැරිද හා නවත්වන ස්ථාන සඳහන් කළොත් හොඳයි...

:       0       3

Premalal Saturday, 02 November 2024 10:44 PM

හොඳයි. වොරන්ට් යන්න පුළුවන්ද දුම්රිය නවත්තන ස්ථාන....?

:       0       1

sanath sirimewan Sunday, 03 November 2024 10:20 AM

යාපනයට යාල් දේවී දුම්රියේ 1වන පංතියේ එක්කෙනෙක්ට ගාස්තුව අය කරන්නේ රු.2800...!

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 128 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 754 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site