
(එච් එම් ධර්මපාල)
මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නියුතු පුද්ගලයෙකු රුපියල් එක්කෝටි විසිපන් ලක්ෂයක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ දෙහිවල කව්ඩාන ප්‍රදේශයේදී දෙහිවල පොලිස් අපරාධ අංශය අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසීය.
මරදාන ප්‍රදේශයේ පදිංචිව සිටි සැකකරු (36) පදිංචි ස්ථාන වෙනස් කරමින් විවිධ ප්‍රදේශවල පදිංචිව සිටිමින් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සමග මෙම ජාවාරමේ නියුතුව සිට ඇති බවත් අනාවරණය වී ඇතැයිද පොලීසිය කියයි .
සැකකරු මහා පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සමග සම්බන්ධවී ඇති බවට හා තවත් පුද්ගලයන් මෙයට සම්බන්ධවී සිටීද යන්නත් පිළිබඳ සෙවීම සඳහා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් රදවා තබා ගැනීමේ නියෝග මත පොලීසියො රදවා තබාගන දීර්ඝ වශයෙන් පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබන බවත් පොලීසිය කියයි.
වැඩිදුර විමර්ශනයට අනුව ඔහු රුපියල් එක්‌ලක්ෂ විසිපන්දාහකට කුලී පදනම මත ලබාගන සිටි අධි සුඛෝපභෝගි නිවස පරීක්ෂාවට ලක් කිරීමේදී රහසිගතව නිවසතුල සගවාතිබූ කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 84 ක් , අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 36 ක් , හසීස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 535 ක් , ඩාන්සින් ටැබ්ලට් 30 ක් , මත්ද්‍රව්‍ය කිරීමට ගන්නා ඉලෙක්ට්රො නික තරාදියක් , ආරක්ෂිත ඉටිකොල තොගයක් පොලිස් භාරයට ගැනීමට හැකිවී ඇතැයිද පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 30
50
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
716
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කෝටියක මත්ද්‍රව්‍ය දෙහිවලින් අල්ලයි