IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කොටපොළ සතිපොලවල් තුනක් වසා දමයි

(එස් .ඩි. කොඩිකාර )
කොවිඩ් ආසාදිතයන් 08  දෙනකු   හදුනා ගැනීමත් සමඟ කොටපොළ ප්‍රාදේශීය සභාව මගින්  දෙනියාය , පල්ලෙගම ,වරල්ල   සති පොළවල්    තුනක්  නැවත දැනුම් දෙන තුරු  තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව කොටපොළ ප්‍රාදේශීය සභාවේ සභාපති දයානන්ද අබේවික්‍රම මහතා පැවසීය .

මීට පෙර  දෙනියාය සති පොළ සෑම ඉරිදා දිනකම ද පල්ලෙගම සති පොළ සෑම සෙනසුරාදා දිනකම ද වරල්ල සති පොළ සෑම සිකුරාදා දිනකම පැවැත් වූ අතර සෞඛ්‍යය අංශයට සහය දීමක් වශයෙන් සතිපොළවල් තුළ තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මීට අමතරව දෙනියාය වෙළඳ හා වාණිජ සංගමය මඟින් අද  (21) සිට  සිට   ( 23)  දින දක්වා  සෞඛ්‍යය අංශයට සහය දීමක් වශයෙන් අත්‍යඅවශ්‍ය සේවා හැර අනෙකුත් වෙළඳ සැල වසා දැමීමට තීරණය කර ඇත .

ඉකුත් (17) වන දින දෙනියාය සති පොළේ සිදු කළ පී.සී.ආර් . පරීක්ෂණ 60 න් කොව්ඩ් ආසාදිතයන් 08 කු හමු වීමත් සමඟ මෙම තීරණය ගෙන තිබුණි.
ඊට අමතරව පෙරපාසල් සහ පාසල් වල ළමුන්ගේ  ද පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බව ද  දෙමාපියන් පවසයි .
 



අදහස් (0)

කොටපොළ සතිපොලවල් තුනක් වසා දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 106 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site