
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට අයත් කොට්ටාව - පිළියන්දල 342 බස් මාර්ගයේ සංවර්ධනය ව්‍යාපෘති නිසි සැලැස්මකට ක්‍රියාත්මක නොවන බව පවසමින් , එම ප්‍රදේශයේ ජනතාව මත්තේගොඩ සල්ගස්හන්දියේ දී අද (01) දා දහවල් විරෝධතාවක් පැවැත්වූහ.
කිලෝමීටර් හතරක් පමණ දුර මෙම මාර්ගය නිසි ප්‍රමිතියෙන් යුතුව සංවර්ධනය නොවන බවත් සංවර්ධන සැලැස්මේ අඩුපාඩු රැසක් ඇති බවත් ඒවා වහා නිවැරදි කොට සංවර්ධන ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කර දෙන ලෙසත් ඉල්ලා ප්‍රදේශයේ ජනතාව උද්ඝෝෂණ පාඨ කියමින් පැයක පමණ කාලයක් විරෝධතාවයේ නියැලුණහ .
එහිදී විරෝධතාකරුවෝ සඳහන් කළේ මීට පෙර මාර්ගයෙන් ගලා ගිය ස්වභාවික වැසි ජලය නිසි පරිදි ගලාගිය බවත් මාර්ගය උස්සා සංවර්ධනය කිරීමේදී , වැසි ජලය දෙපස නිවෙස් තුළට ගලා යාමේ අවදානමක් මතුව ඇති බවයි .
එසේම මාර්ගයේ තැනින් තැන සංවර්ධන කටයුතු අවිධිමත්ව සිදු කිරීම හේතුවෙන් වැසි කාලයේදී මඩ වගුරු හරහා යාමටත් පායන කාලයේදී දූවිලි වලින් මාර්ගයේ දෙපස ජනතාව දුෂ්කරතා රැසකට මුහුණදීමට සිදුව ඇති බවටත් චෝදනා කරති .
විරෝධතාව පැවැත්වෙන අවස්ථාවේ දී මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් පැවති අතර පොලිසිය මැදිහත්විය එය වැළැක්වීමට උත්සාහ දරනු දක්නට ලැබුණි.
හිටපු පළාත් සභා මන්ත්‍රී නලීන් ප්‍රදීප් උඩුවෙල , මත්තේගොඩ ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපති ගයන්ත රණසිංහ මහතා ඇතුළු විශාල පිරිසක් මෙම විරෝධතාවයට සහභාගී වී සිටියහ .
2025 දෙසැම්බර් මස 18
679
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
326
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොට්ටාව -පිළියන්දල බස්පාර නිසි සැලැස්මකට ක්‍රියාත්මක කරන්නැයි උද්ඝෝෂණයක්