IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කොට්ටාවේදී දුම්රිය ඇන්ජිම තනිවම ගිහින්

 

(කේ.බුද්ධික කුමාරසිරි)
කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී  දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ බව දුම්රිය මගීහු පවසති.

කොස්ගම වග දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ කාර්යාල  දුම්රියක් වූ මෙම දුම්රිය එම අවස්ථාවේදී මගීන්ගෙන් පිරී තිබූ බවද එක්වරම දුම්රිය ඇන්ජිම වෙන්ව යාමත් සමග ඇති වූ තත්වය නිසාවෙන් මගීන් දැඩි ලෙස කලබලයට පත් වූ බවද ඔවූහු පවසති.

මේ නිසාවෙන් දුම්රිය ධාවනය ප්‍රමාදවීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයට පත් වූ බවද එම මගීහු පවසති.

අනතුරුව දුම්රිය රියදුරු සහ සහයක එක්ව යළිත් දුම්රිය ඇන්ජිම දුම්රිය මැදිරි දක්වා පසුපසට ධාවනය කර එකට සම්බන්ධ කිරීමෙන් පසු යළි කොළඹ කොටුව දක්වා ධාවනය කර ඇත.

මේ ආකාරයෙන් දුම්රිය ඇන්ජිම සහ දුම්රිය මැදිරි වෙන් වූ ප්‍රදේශය තැනිතලා ප්‍රදේශයක් බවත් මේ ආකාරයෙන්ම මෙම ස්ථානයේදී මෙයට පෙරද දුම්රිය ඇන්ජිම සහ දුම්රිය මැදිරි ගැල වී ගොස් තිබූ බවද කැළණි වැලි දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු සිදු කරන මගීහු පවසති.



අදහස් (3)

කොට්ටාවේදී දුම්රිය ඇන්ජිම තනිවම ගිහින්

sachith Tuesday, 24 September 2024 12:26 PM

මේවත් ජනාධිපතිගේ අවදානය යොමු වෙන්න ඕන දේවල්. රට කාර්යක්ෂම කරන්න තියෙන ප්‍රධාන එකක් තමයි වෙලාවට වැඩ කරන්න දුම්රිය සේවාවක් තියෙන එක.

:       1       35

anuranga Tuesday, 24 September 2024 02:20 PM

තනිවයි උපන්නේ ,තනිවයි මැරෙන්නේ .මේ ඩිංගේදී ඇයි කොළම් නටන්නේ...

:       0       4

ජයගොඩ මුදලිගේ ශිරාන් Tuesday, 24 September 2024 04:31 PM

ඔතන හොල්මන් තියනවා 1933 මේ ස්ථානයේ අනතුරක් වුනා කියලා අපි දන්නවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site