IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කැකිරාව කිතුල්හිටියාව 30ක් ස්වයං-නිරෝධායනයට

(කුෂාන් ජයවර්ධන)
 
කැකිරාව කිතුල්හිටියාව ප්‍රදේශයේ නිවාස 7ක පුද්ගලයින් 30ක් ස්වයං-නිරෝධායනයට යොමු කළ බව කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හමුවූ ආසාධිත පොකුරට අයත් යුද හමුදා නිලධාරියකු ඇතුලු එම පවුලේ පිරිස ඇසුරු කළ බව කියන නිවාස 7ක පදිංචි පිරිස ඊයේ රාත්‍රියේ සිට මෙලෙස ස්වයංනිරෝධායනයට යොමු කර තිබේ.
 
පීසීආර්  පිරීක්ෂණයන්ට අනුව අදාළ හමුදා නිලධාරියාට කෝවිඩ්-19 ආසාධිත බවට තහවුරුවීමත් සමග එම ආශ්‍රිත පිරිස මෙලෙස  ස්වයං-නිරෝධායනයට යොමු කළ බව කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
 
එම ආසාධිත යුද හමුදා නිලධාරියාගේ බිරිය ඇතුලු පවුලේ සාමාජිකයින් 5දෙනෙකුද ස්වයං නිරෝධායනය සදහා යොමු කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර තිබු අතර එම පිරිස අද 14 අලුයම දියතලාව නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට යුධහමුදාව කටයුතු කර ඇති බව ද ඔවුන්ද පීසීආර් පරීක්ෂණ සදහා යොමු කිරීමට නියමිත බව ද කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.  



අදහස් (2)

කැකිරාව කිතුල්හිටියාව 30ක් ස්වයං-නිරෝධායනයට

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 14 July 2020 06:53 AM

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දෙවැනි රැල්ල ඇතිවීම වැලැක්වීම සඳහා ප්‍රඥාගෝචර වැඩපිළිවෙළක් ගැන නිතර නිතර දනුම්දුන්නත්, සෞඛ්‍ය ඇමැතිනිය ඒ ගැන තකීමක් කොට නැති බව එම සංගමය විසින් නිකුත්කොට ඇති අන්තර්ජාල වීඩියෝවේ සඳහන් වෙනවා. කරුණාකර ඒ පිළිබඳව ජනපතිතුමාගේ අවධානය යොමුකරවීම වැදගත්...

:       22       34

thusharaTuesday, 14 July 2020 09:09 AM

ජනතාවගේ සෞඛ්‍යට වඩා ඡන්දය වැදගත් වුන රටක ඔහොම සිදුවීම සාමාන්‍යයයි. මේ ඡන්දයක් වෙනුවෙන් කෝටී ගණන් මුදල් නාස්ති කලයුතු වෙලාවක් නෙවෙයි. අපේ අවාසනාවට හැම පාලකයම එකයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site