
(රෝෂන් තුෂාර)
ජනතා මුදල් කෝටි ගණනින් වංචා කළේ යැයි කියන ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ නීති විරෝධී කටයුතු සම්බන්ධයෙන් පැමිණිලි ලැබෙන තෙක් බලා නොසිට කඩිනමින් විමර්ශන අවසන් කර සැකකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (23) රහස් පොලිසියට නියෝග කළේය.
මෙම නඩුව කැදවූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග නිකුත් කළේය.
සැකකාර ඔන්මැක්ස් සමාගමේ මුදල් ආයෝජනය කිරීම සඳහා ජනතාව පොළඹවමින් බයිනෑන්ස් ගිණුම් හරහා ජනතා මුදල් වංචා කල එම සමාගමේ දෙවැනි පෙළ නියෝජිතයෙකු යැයි අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ නුවර ප්‍රදේශයේ ඉසුරු පියමාල් අමරසේකර සැකකරු නොවැම්බර් 6 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
දිනේෂ් චතුරංග නමැති සැකකරු බන්ධනාගාර අධිකාරිය මගින් අධිකරණයට ඉදිරිපත් කළ අතර ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් පසුව ශරීර ඇප දෙකක් මත සැකකරු මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
ඉසුරුම් පියුමාල් නමැති සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් රහස් පොලිසිය කියා සිටියේ බයිනෑන්ස් ගිණුම් හරහා මුදල් ආයෝජනය කිරීම සඳහා සැකකරු විසින් තැන්පත්කරුවන්ව පොළඹවා ඇති බවය.
රුපියල් බිලියන 1.3 මුදලක්, වංචා කර ඇති බවට නමුත් පැමිණිලි මඟින් අනාවරණය වන බව ද සඳහන් කළේය.
අගතියට පත් තැන්පත්කරුවන්ගේ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා සී.ආර්.ටී.එම් 441 ආකෘති පත්‍රයක් සකස් කර දිවයිනේ සියලු පොලිසිය වෙත පොලිස්පතිවරයා විසින් යොමු කර ඇති බවත්, අගතියට පත් පැමිණිලිකරුවන්ට ඒ ආකෘතිය පත්‍රය හරහා පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවත් සඳහන් කළේය.මේ වන විට නව පැමිණිලි 1350කට අධික ප්‍රමාණයක් ලැබී ඇති බවද සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 30
30
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
708
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඔන් මැක්ස් විමර්ශන කඩිනමින් අවසන් කරන්නැයි නියෝග
බකල ජයා Wednesday, 23 October 2024 11:54 PM
කඩිනම් කරන්න එපා කියන්නෙ, කාලයක් ඇදගෙන ගියොත් වාසි ලැබෙන අයද?