IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


එළවළු වෙළෙන්දන්ට ලොකු චෝදනාවක්

(ඉන්දික අරුණ කුමාර)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මේ දිනවල එළවළු මිල පහල බැස ඇතැත් මාතලේ දිස්ත්‍රික්කයේ සිල්ලර එළවළු වෙළදසැල්වල එළවළු මිල සීඝ්‍ර ලෙස වැඩිකර අලෙවි කරන බවට පාරිභෝගිකයෝ චෝදනා කරති.

පසුගිය සතියේ සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු කිලෝවක තොග මිල පැවතියේ පහත පරිදිය.

ගෝවා 110.00- 120.00 අතර,බෝංචි 250.00 – 320.00 අතර,නෝකොල් 40.00 – 65.00 අතර,කැකිරි 40.00 – 65.00 අතර, වැටකොළු 100.00 – 120.00 අතර,කරවිල 200.00 – 300.00 අතර,වම්බොටු 80.00 – 130.00 අතර,අමු මිරිස් 300.00 – 350.00 අතර ආදි වශයෙනි.

සමස්ථයක් ලෙස ගත් කල එළවලු සියල්ලේ තොග මිල වෙනදාට වඩා සැලකිය යුතු අන්දමින් පත බැස ඇති බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය නිකුත් කරන දෛනික මිල දර්ශනයේ සදහන් වෙයි.

එවැනි පසුබිමක මාතලේ දිස්ත්‍රික්කයේ සිල්ලර එළවළු වෙළදසැල් වල එළවළු කිලෝවක සිල්ලර මිල රුපියල් 300.00, 400.00, 500.00 වැනි මිල ගනන් යටතේ අලවි කරන බවට පාරිභෝගිකයෝ චෝදනා කරති.

ප්‍රවාහන හා සෙසු වියදම් එක්කල ද එවැනි අධික මිලගනන් යටතේ සිල්ලර වෙළදුන් එලවළු අලවි කිරිම යුක්තිසහගත නොවන බව පාරිභෝගිකයින් කියා සිටිති.

 



අදහස් (3)

එළවළු වෙළෙන්දන්ට ලොකු චෝදනාවක්

Jayarathna Sunday, 20 October 2024 04:14 PM

මෙහෙම ඒවා වෙන්නෙ පිට පළාත් වලින් විනෝද ගමන් වන්දනා ගමන් අධ්‍යාපන චාරිකා වගේ ගමන් යන අය. එම ප්‍රදේශවලින් එළවළු මිලට ගන්නා නිසා තමයි ඒවා පාරිභෝගිකයන් වර්ජනය කරනවා නම් ඔහොම වෙන්නෙ නැහැ. ප්‍රවාහන ගාස්තු ගෙවා දුර බැහැර ගමේ කඩේට ගේන ඒවායේ මිල ඉක්මවා ගැනීම තමයි වරදක් වෙන්නේ.

:       34       5

mdd Sunday, 20 October 2024 11:40 PM

ජනාධිපතිතුමනි ,කවුද කෘෂිකර්ම සහ වෙළඳ අමාත්‍යංශ බලන්නේ ?

:       0       1

sunil Monday, 21 October 2024 05:56 AM

කොළඹ සිල්ලර කඩ වලත් එහෙමයි. එළවලු ගොඩවල් ගසා තිබුනද, බොහෝ තැන්වල මිල සඳහන් වෙන්නේ නැහැ. එළවලු එකතු කර ගෙන මුදල් ගෙවන්න ගියහම කලින් මිලටම කිට්ටු මිලක් තමයි තියෙන්නේ. මිල ප්‍රදර්ශනය කිරීම අනිවාර්යය වුවත් එය කෙරෙන්නේත් නැහැ. පාරිභෝගික අයිතියට මොකද වෙන්නේ? ජනපතිතුමනි, මේවා ගැනත් අදාළ නිලධාරීන්ට සිහි කැඳ වන්න. කරන්න බැරිනම් ගෙදර යවන්න

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 569 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17388 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 708 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site