IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


එළවලු-මාළු මිල ඉහළට

 (නිමල කොඩිතුවක්කු)

වෙළඳපොලේ එළවලු සහ මාලු මිල ගණන් මේ වනවිට සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.

ඒ අනුව බොංචි, කැරට්, ගෝවා, තක්කාලි,  දෙහි සහ මාලු  මිළ ගණන් සැලකිය යුතු අගයකින් ඉහළ ගොස් ඇතැයි ඔව්හු සඳහන් කරති.

ඒ අනුව කොළඹ මැනිං වෙළඳපොලේ බොංචි කිලෝවක් රුපියල් 400 කටත්,  කැරට් කිලෝවක් රුපියල් 150 කටත්, ගෝවා කිලෝවක් රුපියල් 150 කටත්, තක්කාලි කිලෝවක් රුපියල් 230 කටත්, වම්බටු කිලෝවක් රුපියල් 150 කටත් දෙහි කිලෝවක් රුපියල් 300 කටත්, අමුමිරිස් කිලෝව රුපියල් 200 කටත් අළෙවි වන බව පාරිභෝගිකයෝ පවසති.

මෙයට අමතරව නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ බොංචි කිලෝවක් රුපියල් 560 කටත්,  කැරට් කිලෝවක් රුපියල් 240 කටත්, ගෝවා කිලෝවක් රුපියල් 200 කටත්, තක්කාලි කිලෝවක් රුපියල් 360 කටත්, වම්බටු කිලෝවක් රුපියල් 300 කටත් දෙහි කිලෝවක් රුපියල් 600 කටත්, අමුමිරිස් කිලෝව රුපියල් 400 කටත් අළෙවි වන බව පාරිභෝගිකයෝ කියති.

වෙළඳපොළේ මාලු මිළ ගණන්ද ඉහල අගයක් ගෙන ඇති අතර පෑලියගොඩ මතස්‍ය වෙළඳපොලේ කෙලවල්ලා කිලෝව රුපියල් 1400 කටත්, බලයා කිලෝව රුපියල් 1100 කටත්, පරා කිලෝව රුපියල් 1300 කටත්, තලපත් කිලෝව  රුපියල් 1750 කටත්, සාලයා කිලෝව රුපියල් 480 කටත්, ලින්නා කිලෝව රුපියල් 1000 කටත්  අළෙවි වන බවද පාරිභෝගිකයෝ පවසති.

මෙම මිළ ගණන් වලට සාපේක්ෂව සාමාන්‍ය වෙළඳපොලේ එළවලු සහ මාලු මිළ ගණන් මිළ ඉහළ ගොස් ඇතැයි  පාරිභෝගිකයෝ කියති.

 

 



අදහස් (2)

එළවලු-මාළු මිල ඉහළට

Pradeep Kumara Thursday, 11 May 2023 02:21 PM

මැනිං මාර්කට් එකේ මිළ වගේ දෙගුණයක් නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ. පේනවද අතර මැදියන්ගේ සූරාකෑම. කෝ මේවට පිළියම්. ගොවියා සහ පාරිභෝගිකයා හැමදාම අසරණයි.

:       1       18

මුදළාලි Thursday, 11 May 2023 06:47 PM

පෑලියගොඩ පරා මාලු කිලෝවක් රුපියල් 1300/= වෙද්දී කොළඹට කි.මී 72 ක් දුර නගරෙක පැරැණි මාලු කඩේක ග්‍රෑම් 500ක් රුපියල් 1350/= වෙනවා කොහොමද සූරාකෑම .ඒ අසලම ධීවර සංස්ථාවේ වෙළඳ සැලක් තිබුනට එතැනින් කිසිදාක හොද මාලු නම් ගන්න බැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 311 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 839 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1263 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site