IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


එළිවැටකට මම නැතුවට කම් නෑ දේවී

ලාංකීය ජන සමාජය තුළ අතීත ගැහැනියට ඒ සමාජය ඇතුළත වැඩි ඉඩකඩක් විවර වුණේ නැහැ.දියණියක්,සොයුරියක් ,බිරිඳක්,මවක්, මිත්තණියක් ලෙස ඇයට නිවෙස තුළ තිබුණේ පිරිමියකු හා සම අයිතීන් නොවෙයි.අධ්‍යාපනික අතින් මෙන්ම වෙනත් කාරණාවකදී වුණත් ඇය පිරිමියාට වඩා පසුපසින් සිටීම සමාජය විසින් බලාපොරොත්තු වූ කාරණාවක්.

මෙම සමාජ සංස්ථාව ඇතුළත බොහෝ පිරිමින් බලාපොරොත්තු වුණේ ගැහැනිය විසින් දරුමල්ලන් හදාගෙන ,ගෙදරදොරේ සියලු වැඩපල කරගෙන ජීවිතය ගෙවා දැමීමයි.එතැනින් එහාට ඇයටත් ජීවිතය පිළිබඳව පැහැදිලි අවබෝධයක් තිබුණෙ නැහැ.

පියාට,සැමියාට,පුතාට නතුව ජීවිතය ගෙවාදැමූ ගැහැනිය සමාජගතවන්නේ කාලයත් සමග.අපේ කුඩා සමාජය ලෝකයට විවරවීමත් එක්ක ගැහැනිය කියන්නෙත් පිරිමියා හා සමව වැඩකළ හැකි,ජීවිතයේ නොයෙක්විද තීන්දු තීරණ ගතහැකි පාර්ශවයක් බව පසක්වද්දී ඇය අපේ සමාජයේ විශිෂ්ට චරිතයක් බවට පත්වන්නේ නිරායාසයෙන්.

" තොටිල්ල පදවන අත ලොව පාලනය කරයි" කියන අතීත කියමන අපේ සමාජය ඇතුළත වැළඳගන්නේ ගැහැනිය විවිධ සීමා ඇතුළෙ කොටුවෙලා,තනිවෙලා සිටිය කාල සීමාවක.ඇතැම්විට ඇයට සීමා මායිමි ඉවත්කර නිදහසේ සැරිසරන්න ඉඩක් තවමත් නැහැ කියා ඒත්තු ගැන්වීමට.නමුත් අද වනවිට ඒ සියල්ල ඉවත දමා ගැහැනිය සමාජ සංස්ථාව ඇතුළේ පමණක් නොව නිවෙස ඇතුළතත් වගකීමි රැසක් දරනවා.

අපේ ගීත සාහිත්‍යය තුළ බිහිවුණු ⁣ගීත අතරේ වැඩිපුරම කතාබහට ළක් වූයේ ගැහැනිය වුවත් ගී පද රචිකාවන්ගේ ප්‍රමාණාත්මකව අඩුවක් මීට දශකයකට පෙර දකින්න තිබුණා.1965 මැයි 31 දා තිරගතවූ " ලා දළු " චිත්‍රපටය වෙනුවෙන් ⁣" සෙනෙහස සොම්නස අතිනත ගත්විට ..." ගීතය ලියා ශ්‍රී ලාංකීය ගීත සාහිත්‍යයේ ප්‍රථම ගී පද රචිකාව වන්නේ ගුවන් විදුලි නිවෙිදිකාවක ලෙස කටයුතු කළ චන්ද්‍රා වයමන්.ඊට පසු ගුවන් විදුලිය ඔස්සේම දයා ද අල්විස්,රත්නා ලංකා අබෙිවික්‍රම,කුසුම් පීරිස්,සුමනා ජයතිලක ගී පද රචනා ක්ශේත්‍රය ට එකතු වුවත් එතැනින් පරිබාහිරව ගීත රචනා ක්ශේත්‍රය තුළ නමක් තැබුවේ යමුනා මාලිනි පෙරේරා පමණයි.

පසුකාලීනව තවත් ගී පද රචිකාවන් කිහිප දෙනකුම ක්ශේත්‍රය ට එක්වුවත් වැඩිම ගී පද රචිකාවන් බිහිවුණේ 2000න් පසුව බව පැහැදිලියි.

පූදිනා හදේ සිතුම්

සීරුවට නෙලා අමුණන

සොඳුරු කවි මලින් සැරසෙන - නුඹ කවිකාරී

කිවිඳිය හිමි- කවිය අහිමි

මම නුඹෙ ස්වාමී

නුඹව දැනෙන - පෙම්බර ස්වාමී....

සසර අතරමග හමුවුණ - ඉනූ කඳුළු පිස හිනැහු

රිදුම් අකුරු කොට සැනහුන පියම්බිකාවී...

එළිවැටකට මම නැතිවට - කම් නෑ දේවි..

කවිය අහිමි

මම නුඹෙ ස්වාමී......

සීමා මායිම් නොපෙනෙන - නිදහස් හැඟුමින් හැඩවුණ..

අහස නුඹෙයි පියා විදා ඉගිළෙන් නොසැලී

රිදෙනා තටු පිරිමදින්න

ඉන්නම් පේවී..

නුඹව දැනෙන

පෙම්බර ස්වාමී.....

ගායනය - විශාරද සමන්ත පෙරේරා

ස්වර රටා - අමිත් ලියනගේ

නුඹ කවිකාරී ගීතය ලියා ගී පද රචිකාවන්ගේ නම් අතරට අලුතෙන් එකතුවන්නේ පබාශිනී හේරත්.ඇය මෙම ගීතයට පාදක කරගන්නා කාරණාව වි⁣ශේෂයෙන් ලාංකීය කාන්තාවට පොදු ,එහෙත් වැඩිපුර කතාබහට ලක්නොවෙන මාතෘකාවක්.

ඇත්තටම ගැහැනියට ගෘහ ජීවිතය තුළ තමන්ගේ නිර්මාණ කටයුතු සඳහා ඉඩක් හිමිනොවන්නේද ?1965 වසරේ ප්‍රථම ගී පද රචිකාව බිහිවුවත් දශක පහක් ගෙවී යද්දීත් ගී පද රචනා ක්ශේත්‍රය තුළ පද රචිකාවන් සීමිත වීමට හේතුව ඇයගේ නිර්මාණ නිදහස අහිමි වීමද?

" නිර්මාණකාරිනියක් සාර්ථකවන්න නම් ඇයගේ පිටුපසින් සිටින කෙනාගෙන් ලැබෙන දායකත්වය තමයි වැදගත්.හැබැයි බොහෝ අවස්ථාවලදි පිටුපස සිටිනකෙනා අගැයුමට ලක්වන්නේ නෑ.

විශේෂයෙන් කලාව,සාහිත්‍ය ක්ශේත්‍රය තුළ නියැලෙන කාන්තාවකට එම කටයුතු සාර්ථකව කරගන්න නම් තම සැමියාගෙන් ලැබෙන අත්වැල තමයි ජීවිතයේ ලැබෙන හොඳම අත්වැල.නමුත් අපේ බොහෝ කාන්තාවො විවාහ දිවියට එකතු වුණාට පස්සෙ නිර්මාණකර⁣ණයේ නියැලෙන්න ටිකක් බයයි.ඇය සමාජය,වටපිටාව ඇතුළත යම් සීමාවන් පනවගන්න උත්සාහ කරනවා.

අද වෙද්දි කාන්තාව බොහෝ ක්ශේත්‍රවල නියැලෙනවා.එතැනදී බොහෝ සැමියන් නිහඬව ඔවුන්ට ලබාදෙන අසීමිත ශක්තිය හැම ගැහැනියක්ම අගය කළ යුතුයි.මේ ගීතයෙන් මම කියන්න උත්සාහ කළෙත් ගෘහ ජීවිතය ඇතුළත එකිනෙකාගේ අවබෝධය මත මොනතරමි සුන්දර දිවිපෙවෙතක් ගෙවන්න පුළුවන් ද යන්නයි.

ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර නීතිඥවරියක ලෙස කටයුතු කරන පබාශිනී හේරත් පාසල් අවදියේ සිටම කවිය ජීවිතයට ඈඳාගත්තත් හා පුරා කියා ගී පද රචිකාවක ලෙස ජීවිතය විනිවිද දකින්නේ නුඹ කවිකාරී ගීතයෙන්.ආසියාතික සමාජ සංස්කෘතියක හැදීවැඩුණු ඇගේ සිත තුළ තාමත් පණගැහෙන සිතුවිලි ගීතයකට මුදාහැරෙන්නෙ ශ්‍රාවකයාට තම ගෘහ ජීවිතය ,තම සහකාරිය පිළිබඳව අලුත් හැඩතල මවමින්.

කප්පරක් ආදරය කරලා විවාහ වුණත් ඒ දිවියේ සොඳුරු තැන් හරිහැටි අවබෝධකර නොගෙන මාසෙන් දෙකෙන් වෙන්වෙන්න නීතියේ පිහිට පතන ගැහැනු ,මිනිස්සු ජීවත්වන සමාජයකට " නුඹ කවිකාරී.." ගීතය අපූරුම පණිවිඩයක්..

සුජිත් ප්‍රසංග

 



අදහස් (0)

එළිවැටකට මම නැතුවට කම් නෑ දේවී

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඉන්දීය ගුවන් කලාපය වසා දැමේ
2025 මැයි මස 01 26 0

දකුණු කාශ්මීරයේ පහල්ගාම් පළාතේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහරෙයෙන් පසු, ඉන්දු පාකිස්තාන අර්බුදය දිනෙන් දින උත්සන්න වෙමින් පවතින අතර, පාකිස්තාන ගුවන් යානා ස


සරසවි නවක වදයට තවත් සිසුවෙක් මරුට?
2025 මැයි මස 01 125 0

සබරගමුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණවේදය හදාරමින් සිටි සිසුවකු ගෙලවැල ලාගෙන මිය ගොස් ඇතැයි පුස්සැල්ලාව පොලිසිය කියයි.


ගැටුම බේරා ගන්නැයි ඇමෙරිකාව දෙපාර්ශවයට කියයි
2025 මැයි මස 01 367 0

පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ඉන්දියාව සහ පාකිස්තානය අතර උද්ගතව ඇති අර්බුදය තවත් උග්‍ර කර නොගන්නැයි ඇමෙරිකාව දෙපාර්ශ්වයට දැනුම් දුන් බව එරට රා


ආයුධවලින් පහරදී පුළුස්සා මරලා
2025 මැයි මස 01 859 0

තියුණු ආයුධ වලින් පහරදී පුළුස්සා ඝාතනය කරන ලද පුද්ගල මළ සිරුරක් ගල්කිස්ස හුළුදාගොඩ ප්‍රදේශයේ පාළු ඉඩමක තිබියදී සොයා ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසි


අමෙරිකාව - යුක්රේනය ගිවිසුම් ගත වෙයි
2025 මැයි මස 01 678 0

යුක්රේනයේ ඇතැම් දුර්ලභ ඛනිජ සම්පත් සඳහා ඇමෙරිකාවට ප්‍රවේශය ලබාදෙන ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුමට ඇමෙරිකාව සහ යුක්රේනය පසුගියදා අත්සන් තැබුවේය. යුක්ර


කෝටි 14ක් ගිල්ලත් පුරන් කුඹුරු හැදිල්ල බාගෙට කරලා
2025 මැයි මස 01 228 0

පුරන් කුඹුරු අස්වැද්දීමේදී අක්‍රමිකතාවක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 347 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 91 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1114 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site