IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


සරසවි නවක වදයට තවත් සිසුවෙක් මරුට?

(සුරංග රාජනායක)

සබරගමුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණවේදය හදාරමින් සිටි සිසුවකු ගෙලවැල ලාගෙන මිය ගොස් ඇතැයි පුස්සැල්ලාව පොලිසිය කියයි.

එම සරසවියේ දෙවන වසරේ සිසුවකු වන චංක චරිත් දිල්ෂාන් දයාරත්න සිසුවා මෙසේ මියගොස් ඇති අතර මෙම මරණයට විශ්ව විද්‍යාලය තුළ සිදු කළ අමානුෂික නවක වදය දරා ගැනීමට නොහැකිව සිදු කරගත් සියදිවි හානි කරගැනීමක් බවට මව්පියෝ චෝදානා කරති.

ඒ ගැන වහා පරීක්ෂණයක් සිදු කර වරදකරුවන්ට දඬුවම් කරන ලෙස ඉල්ලා එම සිසුවාගේ පියා වන රුවන් දයාරත්න ගම්පොළ පුස්සැල්ලාව පොලිසිය වෙත අද පැමිණිලක් ඉදිරිපත් කළේය.

ගම්පොළ අටබාගේ ඉහළගම පදිංචි 23 හැවිරිදි මෙම සිසුවා විශ්ව විද්‍යාලයේ සිට හදිසියේම නිවසට පැමිණ කාටත් හොර රහසේ නිවස පිටුපසදී 29 දින සවස ගෙලවැලාගෙන මියගොස් තිබුණි.

දරුවන් දෙදෙනකුගෙන් යුත් පවුලක එකම විශ්ව විද්‍යාල සිසුවා මෙසේ මිය යාමට ප්‍රථම දැඩි කම්පනයට පත් මව්පියන් හා ඥාතීන් ශෝක වී සිටිති.

මියගිය චංක චරිත් දිල්ෂාන් දයාරත්න විශ්වවිද්‍යාලයේ මුහුණ දුන් නවක වාද සිද්ධියේ අමානුෂිකත්වය සිය පුංචි අම්මා වන හර්ෂණී තරංගා හට මිය යාමට පෙර පැවැසූ බව පුංචි අම්මා කියයි.

 



අදහස් (10)

සරසවි නවක වදයට තවත් සිසුවෙක් මරුට?

සෙනෙවිරත්න Thursday, 01 May 2025 05:12 PM

මට පුදුම දෙවැනි වසරේ ළමයෙක් වෙලත් තවමත් රැග් එක කන්න තරම් බොලඳ මොකද කියලා? බොහෝ විට වෙන්නේ දෙවන වසරේ අය තමයි ඕක ලීඩ් කරන්නේ. ළමයාට වෙන අවුලක් තිබුණාද බලන්න...!

:       31       13

mahesh Thursday, 01 May 2025 05:22 PM

දෙවන වසරේ නම් නවකයෙක් වෙන්නේ කොහොමද? වෙන මොනවා හරි ප්‍රශ්නයක් වෙන්න ඇති...

:       24       13

සුනිල් Thursday, 01 May 2025 05:44 PM

දැන් ජෙප්පෝ දෙවැනි වසරේ අයටත් නවක ව⁣දේ දෙනවා වගේ...

:       19       14

මැක්ස් Thursday, 01 May 2025 05:54 PM

මේ අමානුෂික නවක වද කාරයින්ට මේ ආණ්ඩුව යටතේ නම් දඬුවම් හිමි නොවනු ඇත. නවක වදයේ අප්පොච්චිලා දැන් රටේ රජ කරන හෙයිනි...

:       10       18

වත්සි Thursday, 01 May 2025 05:57 PM

සෙනෙවිරත්න වැනි ජවිපෙ හෝදන්නන් මෙම අමානුෂික ක්‍රියාව තනුක කිරීමට උත්සාහ දරන්නේ එතුමන්ලාගේ දේශපාලන ස්වාමිවරුන් රටේ වත්මන් පාලකයන්ව සිටින නිසාද?

:       4       16

අරුණි Thursday, 01 May 2025 05:58 PM

මාලිමා ආන්ඩුවේදී මේවා කවදාවත්ම වෙන්නේ නෑ කියලා නේද සහෝදරවරු කිව්වේ? මේ ආන්ඩුවේ ඇති එකම වෙනස රටේ දුප්පත්කම වැඩිවෙන්න සලස්වපු එකම විතරද?

:       5       14

Rama Thursday, 01 May 2025 06:00 PM

ඒ ළමයාට දොස් කියන අය කියවන්න ඉන්ටර්නෙට් එකේ ඔය ගැන කියලා තියෙන දේවල්. ළමයාව දිගටම ඉහළ වසරවල අයත් රැග් කරලා. කොට කලිසමක් ඇන්දා කියලා කාමරෙන් එළියට අරන් අනික් ඔක්කොම ඉස්සරහ වද දීලා තියෙනවා. ඕවා කියලා තියෙන්නේ ඒ කැම්පස් එකේ වෙනත් ළමයි. අපේ අගමැතිනිය කියලා තිබුණා වදයක් නැති අධ්‍යාපන ක්‍රමයක් හදනවා කියලා. එයාලාගේම පක්ෂවලින් ඉදිරියට ගෙනියන ඔය නවක වදය දැන්වත් නවත්වන්න කොන්දක් තියෙනවා නම්. අනික් ආණ්ඩු ඕවා නවත්වන්න හැදුවාම ඒවාට විරුද්ධ වුණෙත් ජේවීපී ඇතුළු පිරිස. ඒ නිසා ඔයාලාම මේ අපරාධ නවත්වන්න.

:       1       21

ගුණරත්න Thursday, 01 May 2025 06:10 PM

ආණ්ඩුවේ වගකීම තමයි මේ පිස්සු බල්ලන් බැඳ තැබීම, ඒත් ආණ්ඩුවට ඒ ගැන තැකීමක් නැහැ... මොකද මොවුන්ම තමයි පස්සේ ආණ්ඩුවේ ප්‍රධානීන් වෙන්නෙත්, කාලෙකට ඉහතදී කම්පියුටරෙකින් ගහලා සිසුවෙක් මරාපු එකා ප්‍රධානම මාලිමා පාක්ෂිකයෙක් කියලා අපට අහන්න ලැබුණා...

:       1       4

pakeer Thursday, 01 May 2025 06:43 PM

මේක නිදහස් රටක්... ඕනම කෙනෙක්ට තමන්ට කැමැති අදහස් දරන්න පුළුවන් වෙන්න ඕනේ. කාටවත් පුළුවන් කමක් නැහැ කාගෙවත් චින්තනය වෙනස් කරන්න. නවක වදය කියන්නේ කාලකණ්ණි වැඩක්. ඒක හැර ඒකෙ වෙන කිසි දෙයක් නෑ.

:       0       14

kamal Thursday, 01 May 2025 07:54 PM

අධ්‍යාපන ඇමති නිහඩව සිටින්නේ මේ සිද්ධිය අනුමත කරන නිසා විය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පොඩි ලැසීගේ නැන්දනියගේ සේප්පුවෙන් රන් කිලෝ එකක්
2025 මැයි මස 01 1581 2

ඉන්දීය ආරක්ෂක අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවක වන අරුමාහන්දි ජනිත් මදුසංකද සිල්වා නොහොත් පොඩි ලැසි නමැත්තාගේ නැන්දනිය, අම්බලන්ගොඩ රාජ්‍ය


උපදේශන සමාගමක එම්.ජී. ගිනි අවි සමග මාට්ටු
2025 මැයි මස 01 292 0

උපදේශන සේවා සපයන සමාගමක කළමනාකාර අධ්‍යක්ෂකවරයාගේ වැලිකඩ නාවල පාසල් පටුමගේ නිවසේ සඟවා තිබූ ගිනි අවි සහ ජීව උණ්ඩ සමග එම අධ්‍යක්ෂවරයා සැකපිට අත්අඩංගුවට


පොහොට්ටු මන්ත්‍රි කසිප්පු සමග මාට්ටු
2025 මැයි මස 01 602 2

ගොඩකවෙල ප්‍රාද්ශීය සභාවට පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයකු හා ඔහුගේ සහෝදරයකු බව කියන පුද්ගලයකු ගෝඩා මිලි ලීටර් පන් ලක්ෂ විසි දහසක් කසිප්පු මිලි


ගිය මැයි රැළියේදී අනුර කියූ අනාවැකිය හරි යයි
2025 මැයි මස 01 852 0

2025 මැයි දිනය සමරන්නේ අපේ ආණ්ඩුව යටතේ බව 2024 වසරේ මැයි දිනයේදී අනුර සහෝදරයා කිව්වා. අප දැන් ඒ පොරොන්දුව ඉටුකර තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූ


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 470 1

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා


සරසවි සිසුවාගේ මරණය ගැන සොයන්න කමිටුවක්
2025 මැයි මස 01 308 0

සබරගමු සරසවියේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිව් නසා ගැනිමට නවක වද සිද්ධියක් හේතු වූයේ දැයි සෙවිමට විශ්ව විද්‍යාල ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇතැයි සබර


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 361 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 96 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1122 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site