IMG-LOGO

එන්නත විසවී තරුණයෙක් මරුට

(නිමන්ති රණසිංහ)

ඖෂධයක් එන්නත් කිරීමෙන් පසුව එය විෂවී තරුණයකු මියයෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැල්ලම්පිටිය වෙන්නවත්ත ප්‍රදේශයේ ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය  නියෝගයක් නිකුත් කළාය.

මෙලෙස විදෙස් ගමන් තහනම් කරනු ලැබුවේ දෙමටගොඩ පාර, කොළඹ 09 ලිපිනයැති ආයුර්වේද වෛද්‍ය හොමොමඩ් මහරුෆ් කරීම් මොහොමඩ් උවයිස් යන අයගේය.

මෙම තරුණයාගේ කෙටි පශචාත් මරණ පරික්ෂණ තීන්දුව විවෘත තීන්දුවක් ලෙස අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් දෙනු ලැබ ඇති බවත්, ඔහුගේ මරණය සැක සහිත බවට මරණකරුගේ මව පැමිණිලිකර ඇති බවත් වැල්ලම්පිටිය පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත.

ඒ අනුව මෙම එන්නත ලබාදුන් වෛද්‍යවරයාගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසට වැල්ලම්පිටිය පොලීසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.

මෙම මරණය සම්බන්ධයෙන් මුල් පැමිණිල්ල යොමුකර ඇත්තේ අයි.ඩී.එච්. රෝහලෙන් බව ද වැල්ලම්පිටිය පොලිසිය අධිකරණයට කරුණු වාර්තාකර ඇත.



අදහස් (4)

එන්නත විසවී තරුණයෙක් මරුට

nandhana Tuesday, 21 February 2023 05:06 AM

පලමු ප්‍රශ්නය ආර්යුවේද වෛද්‍යවරයෙක් එන්නත් දුන්නෙ කොහොමද කියන එක? කෙසේ හෝ එන්නත විසි වීම පිලිබඳව ඔහුට නීතිය ක්‍රියාත්මක විය යුතුයි. නමුත් ලංකාවෙ බටහිර වෛද්‍යවරුන්ගෙනුත් මෙවැනි බෙහෙත් වැරදීම් සිදුවී (අසාත්මිකතා නොවේ) මරණ ඕනෑ තරම් සිදු වෙනව. ඒවට නීතිය ක්‍රියාත්මක නොවෙන්නෙ GMOA එකට බයේද?

:       0       4

Lalla Tuesday, 21 February 2023 08:32 AM

ආයුර්වේද වෛද්‍යවරු එන්නත් දෙන්නේ කොහොමද?.ප්‍රශ්නයක්.

:       1       5

Perera Tuesday, 21 February 2023 09:00 AM

ආයුර්වේද වෛද්‍යවරු බටහිර බෙහෙත් කරන්න ගියාම ඔහොම වෙනවා

:       0       3

fairoos Tuesday, 21 February 2023 12:38 PM

ලංකාවේ දැන් හොර දොස්තරලා වැඩියි

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 456 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 628 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 256 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site