කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා නොගන්නා ඔස්ට්‍රියානුවන්ගෙන් සෑම මාස 3 කටම වරක්, යූරෝ 3,600 ක (ඇමෙරිකන් ඩොලර් 4,071ක්) දඩමුදලක් අය කර ගැනීමට බලාපොරොත්තු වන බව ඔස්ට්‍රියා රජය කියයි.
ඔස්ට්‍රියාව අයත් වන්නේ බටහිර යුරෝපයටය. මේ වනවිට ඔස්ට්‍රියාවේ ජනගහනයෙන් සියයට 68 ක ප්‍රතිශතයක් පූර්ණ එන්නත්කරණයට ලක් වී ඇත. බටහිර යුරෝපයේ සෙසු රටවල් හා සන්සන්දනය කරද්දී, එය ඉතාමත් අඩු ප්‍රතිශතයකි. ඔස්ට්‍රියානුවන් වැඩි දෙනා කොවිඩ් 19 වයිරසයට එරෙහි එන්නත් ලබා ගැනීමට අදිමදි කරන්නේ, එන්නත් ගැන ඔවුන්ගේ විශ්වාසයක් නොමැති බැවිනි. එන්නත් සම්බන්ධයෙන් ඔස්ට්‍රියාවේ දේශපාලනික වශයෙන් ද බෙදීමක් පවතී.
එන්නත් ලබා ගැනීමෙන් වළකින්නැයි ජනතාවට උපදෙස් දෙන්නේ ඔස්ට්‍රියා නිදහස් පක්ෂයයි. ඔස්ට්‍රියාවේ බලයේ සිටින්නේ කොන්සවර්ටිව් පක්ෂයයි. පසුගිය සති තුනක කාලය පුරාවට, ඔස්ට්‍රියාවේ කොවිඩ් 19 ආසාදිතයන් ඉහළ ගියේය.
සිවුවැනි වතාවටත් ඔස්ට්‍රියාව, මුළුමනින්ම ලොක්ඩවුන් කෙරුණි. එම අවස්ථාවේදී සෞඛ්‍ය අංශ ඒ අනුව නිර්දේශ කළේ රටේ එන්නත් ලබා ගැනීමට සුදුසු වයස් කාණ්ඩයේ සියලු දෙනාට එන්නත් අනිවාර්ය කළ යුතු බවය. ඔස්ට්‍රියා රජය එන්නත් අනිවාර්ය කළහොත්, යුරෝපා රටක් එසේ කොවිඩ් 19 එන්නත් අනිවාර්ය කරන පළමු අවස්ථාව එය වනු ඇත.
‘‘එන්නත් ලබා නොගන්නා අයට බලපෑම් කරන්න අප කැමැති නැහැ.. ඒත් සෞඛ්‍ය නිර්දේශ අනුව, රටේ වැඩි දෙනා එන්නත් ලබා ගත්තොත් වසංගතය මර්දනය කිරීමට අපට හැකියාව ලැබෙනවා. ඒ නිසයි අප සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ වගකීමක් ඇති පුරවැසියන් විදියට එන්නත් ලබා ගන්න’ යැයි සෞඛ්‍ය අමාත්‍ය වුල්ෆ්ගැන්ග් මුඑක්ස්ටයින් මාධ්‍ය හමුවේ පවසා තිබේ.
කොවිඩ් 19 එන්නත අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට යොමු කිරීමට නියමිතව ඇත්තේ ලබන වසරේ පෙබරවාරි පළමු වැනිදාය. මේ වනවිටත් රජයට පක්ෂ දේශපාලන පක්ෂ ඊට සහාය පළ කරන බව ද වාර්තා වේ.
(ඒ.එෆ්.පී.)
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
එන්නත් නොගන්නා අයට දඩ
මැක්ස් Saturday, 11 December 2021 05:33 PM
මෙහෙම නීතියක් ලංකාවේ දැම්මා නම් මානව හිමිකම් මුදලාලිලා, විපක්ෂේ දේශපාලන පක්ෂ, සියල්ල දත් වෙබ් කොමෙන්ටුකරුවන් වැනි අය කතා දාහක් හදලා.