IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි

(බී.ජී. චතුරංග)

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක  හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා  නිවසේ නාන කාමරයේ වැටී  ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධපුර පොලිසිය පවසයි.

මිය යන විට, ඒ මහතා 76 වන වියේ පසුවිය.

ඒකනායක මහතා දියවැඩියාව රෝගයෙන් පෙලුනු අයකු බවත් අමාත්‍යවරයාට අවශ්‍ය ආහාර පාන, බෙහෙත් ලබා දෙමින් නිවසේ කටයුතු කළ පුද්ගලයකු, රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා යාපනය ශික්ෂණ රෝහලට ගොස් ඇති අතර, මෙම මරණය සිදු වන අවස්ථාවේදී ඒ මහතා පමණක් නිවසේ සිට ඇති බව පොලිසිය කියයි.

මෙම මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය, අනුරාධපුර නාගරික සහ මධ්‍යම නුවරගම් පළාත් හදිසි නාගරික මරණ පරීක්ෂක ජේ. එම්. ජයතිලක මහතා විසින් සිදු කරනු ලැබූ අතර, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත යොමු කරන ලෙසට ඒ මහතා නියෝග කරනු ලැබීය.

 



අදහස් (4)

එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි

සෙනෙවිරත්න Thursday, 10 October 2024 09:57 PM

නරක ආරංචියක්

:       0       0

ගමේ එකාලා Thursday, 10 October 2024 10:56 PM

ජීවිතය අනියතය.මරණය නියතයි .ඔය දේ තේරුම් ගෙන හරියට ජීවත් වෙන්නේ කීයෙන් කීදෙනාද?

:       0       2

chandima Thursday, 10 October 2024 11:17 PM

නිවන් සුව ලැබේවා. ඉස්පිරිතාලේ ගිහින් වතුර විදලා මැරෙනවාට වැඩියෙන් මේ මරනේ පින්කාරයි.

:       0       2

වික්‍රම විදුර Friday, 11 October 2024 02:42 PM

අවුරුදු 76ක් අපිව කෑවා.. අම්මෝ ඉක්මණටම ගිය තැනකටම ලොක්කෝ ටිකත් ගෙන්නගන්න ලොක්කා... සුබගමන්..!

:       5       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 47 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site