IMG-LOGO

2025 ජුනි මස 06 වන සිකුරාදා


ඌව පළාතට ක්‍රීඩා සංකීර්ණයක්

(අංජුල මහික වීරරත්න)

ඌව පළාත් ක්‍රීඩා සංකීර්ණ ගෘහස්ත ක්‍රීඩාගාරය තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරවෙල දී විවෘත විය. 

ඌව පළාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කුසලතා ප්‍රවර්ධනය සඳහා  වර්ග මීටර් 1,188ක පමණ වපසරියකින් යුතුව, රුපියල් මිලියන 300 ක පමණ වියදමින් සියලු පහසුකම් හා රාජ්‍ය අනුග්‍රහය ඇතිව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් මෙම පළාත් ක්‍රීඩා සංකීර්ණ ගෘහස්ත ක්‍රීඩාගාරය ඉදි කෙරිණි.

ඊට සමගාමීව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන ක්‍රිකට් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය මගින් බදුල්ල දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් 14ක් සඳහා එක් පාසලකට රුපියල් ලක්ෂ 3 බැගින් වූ වටිනාකමකින් යුතු ක්‍රිකට් භාණ්ඩ කට්ටල ප්‍රදානය කිරීම ද සිදුකළ අතර, ප්‍රදර්ශනාත්මක දැල්පන්දු තරඟයක් ද පැවැත්විණි.  

 



අදහස් (0)

ඌව පළාතට ක්‍රීඩා සංකීර්ණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 109 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 274 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 423 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site