
( වසන්ත චන්ද්‍රපාල)
අම්පාර උහන සමන්ගල සහ බංඩාරදුව ආසන්නයේ වන සංරක්ෂණ දෙපාර්තතමේන්තුවේ රක්ෂිත වනාන්තරය මහා පරිමාණයෙන් විනාශ කරන බව ප්‍රදේවාසීහු පවසති.
ප්‍රදේශවාසින්ගේ ලද තොරතුරු අනුව පසුගිය දින මෙම රක්ෂිත වනාන්තරය තුළ සංචාරය කිරීමේ දී මෙම වන විනාශය දැක ගැනීමට හැකිවිය.
සමන්ගල රක්ෂිතය ආසන්නව වසර ගනණකට පෙර ප්‍රදේශයේ ජනතාව හේන් වගා කළ අතර පසුව පත් වූ විවිධ රජයන් මඟින් එම හේන් ජනතාවට වගා කිරීමට අවසර දෙනු ලැබිය. පැරැණි හේන් වගා කරන ලද භුමි හේන් වගාව සදහා ම වෙන්කර දී තිබේ.
දැනට සති තුනක කාලයක සිට මෙම වන විනාශය සිදුවන අතර දිවා කාලයේ කැලෑවට යන ගම්වැසියන් පළමුව කැලෑව තුළ ඇති යටි කැලය කපා ගිනි තබන අතර පසුව විශාල ගස් කපන බවද වාර්තාවේ.
මෙම මහා වන විනාශයට ප්‍රදේශයේ වගකිව යුතු නිලධාරීන් පවා මුනිවත රකිමින් සිටී. දැනට සති තුනක පමණ කාලයක් මෙම වන සංහාරය කරනු ලබන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිති රක්ෂිත වනාන්තරය තුලය.
දැනට වසර කිහිපයකට පෙර වනජීවි දෙපාර්මේන්තුවේ විරෝධය මැද බංඩාරදුව වැව ඉදිකල අතර මේ නිසා වනාන්තරයේ වර්ග සැතපුම් 575 ක් පමන ප්‍රමානයක් ජලයට යටවිය.
මේ හේතුව නිසා බංඩාරදුව, සමන්ගල වෑරුන්කැටගොඩ , රතුපස්තලාව යන ගම්මානවලට දැඩි ලෙස වන අලි කරදර ඇති බව වනජීවි දෙපාර්මේන්තුව පවසයි. දැනට සමන්ගල රක්ෂිතය වටා අලිවැටක් ඉදිකර ඇති අතර මෙම වන විනාශය කරනු ලබන්නේ අලිවැටෙන් ඇතුලුවි බවද වාර්තාවේ.
මේ පිළිබදව අම්පාර දිසා වන නිළධාරි ආර්.එම්.විජේපාල මහතාගෙන් විමසූ විට ඔහු පැවසුවේ මේ පිළිබදව තොරතුරු ලැබීමෙන් පසුව වන සංරක්ෂණ නිළධාරීන් එම ප්‍රදේශයට යොමු කර ඇති බවයි. මෙම වන විනාශයට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගන්නා බවද පැවසීය.



2025 දෙසැම්බර් මස 18
693
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උහන වන සංහාරයක්
sam Monday, 30 September 2024 08:55 AM
වන රක්ෂා කරන්න ඉන්න එවුන් බුදි . උන් හරි විදියට රාජකාරි කරනවා නම් ඔත්තු එන්නේ නැත්තේ ඇයි .උන් පගාවට මුනිවත් රකිනවා