IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


උපාධිය ගැන කතානායක කරුණු කියන්න යයි

(සුජිත් හේවාජුලිගේ)

කතානායක අශෝක සපුමල් රන්වල මහතා සිය ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ලබන 17 වැනිදා ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

ඔහුගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ දැඩි විවේචනාත්මක කතාබහක් ඇතිවී තිබේ.

සිය ප්‍රකාශයෙන් ඊට පැහැදිලි  උත්තර ලබාදීමට කතානායකවරයා බලාපොරොත්තුවෙන් සිටි.

සිය ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් කථානායකවරයා ප්‍රකාශයන් නිකුත් කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙරේදා(10)  ප්‍රකාශ කළේය.

මේ අතර කතානායකවරයාගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක්ද  පාර්ලිමේන්තුවේදී  ප්‍රශ්න කිරීමට සූදානමින් සිටිති.



අදහස් (11)

උපාධිය ගැන කතානායක කරුණු කියන්න යයි

Damith Thursday, 12 December 2024 03:03 PM

මොනවාද දන්නේ නෑ කියන්ඩ හිතන් ඉන්නේ...

:       0       0

ජයනාත් Thursday, 12 December 2024 03:09 PM

මහජනයා ජාජබට ඡන්ද දුන්නේ අවංකව විශ්වාසයක් ඇතිව... ඒ විශ්වාසය එලෙසම තබාගත යුතුයි. ආචාර්ය, මහාචාර්යවරු පාර්ලිමේන්තුවට ඉල්ලුවේ නැහැ. එතැනට අවශ්‍ය දූෂණ විරෝධි පිරිසක්... ඒ නිසා තමන්ට තියෙන උපාධි ගැන බොරු කියන්න අවශ්‍ය නැහැ. මේ වගේ තව කීදෙනෙකු ඉන්නවාද? දැන්වත් ඇත්ත කියන්න.

:       0       1

යෝගා Thursday, 12 December 2024 04:20 PM

වැරැද්ද පිළිගෙන ජනතාවගෙන් වැඳලා සමාව ගන්න. තවදුරටත් බොරු කියලා වැඩක් නෑ.

:       1       1

පිටරැටියා Thursday, 12 December 2024 04:40 PM

හිටපු කතානායකවරු, ජනාදිපතිවරු, මැති ඇමැතිවරුන්ගේ තියෙන සුදුසුකම් ගැන අපිට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. පට්ට හොර දූෂිතයෝ...!

:       2       1

Hemantha Thursday, 12 December 2024 06:37 PM

අපරාදේ... ඒ වෙනුවෙන් යොදන කාලය, ඊට වඩා වටිනා දේවල් පාර්ලිමේන්තුවේ කතා කරන්න. සහතිකේ ෆේස්බුක් දාන්න, වැඩේ ඉවරයි...!

:       0       0

Nandalal DE SILVA - France Thursday, 12 December 2024 09:32 PM

ඒ මොකද එච්චර කාලයක් ගන්නේ? ඔය වගේ වැදගත් සහතික පතක් කුස්සියේ දුම් මැස්සේ නෙමෙයි නේද තැන්පත් කර තියන්න ගන්නේ මගේ සියලුම සහතික පත් පරිස්සෙමෙන් ෆයිල් එකක අමුණලා තිබෙන නිසා ඕනම සහතිකයක් විනාඩි කිහිපයකින් එළියට ගන්න පූළුවන්...

:       1       1

Perrea Thursday, 12 December 2024 11:51 PM

කතන්දරේ කියන්න ඔච්චර කල් මරමර පැකිලෙන්නේ මොකද?

:       0       2

Lalla Friday, 13 December 2024 07:51 AM

පරක්කු වැඩියි.දැනටම පච වෙලා නිග්‍රහයට පාත්‍ර වෙලා ඉවරයි. කවුද මන්ත්‍රීල වෙන්න උපාධිය සම්පූර්ණ කර ගැනීම ඕන කිව්වේ. මූලික අධ්‍යාපනය සහ බුද්ධිය ඒ සඳහා මදිද?

:       0       3

අරවින්ද මොනරවිල Friday, 13 December 2024 08:07 AM

චාමර සම්පත්, ඩි.ඩි.චානක, නාමල් රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස වගේ උගතුන් වෙන්න ඇති පාර්ලිමේන්තුවේදි කතානායකගේ උගත්තම පාර්ලිමේන්තුවේදි ප්‍රශ්න කරන්න යන්නේ.

:       2       3

නිමෙෂ Friday, 13 December 2024 08:36 AM

මා දන්නා පරිදි ඔහුට මූලික උපාධියක් පවා නැත. ඔහුට ඇත්තේ ඉංජිනේරු ඩිප්ලෝමාවකි. රටේ බහුතරයක් ඩිප්ලොමාධාරීන්ව ඉංජිනේරුවරු ලෙස හඳුන්වයි. එය බරපතල වරදකි. එනම් හෙදියක් වෛද්‍යවරයෙක් ලෙස හැඳින්වීමට සමානය. ඉංජිනේරුවරයක් යනු අවුරුදු 4 ක විද්‍යාවේදී උපාධියක් ලැබූවෙකි. නමුත් එවැනි ඉංජිනෙරෙරුවරුන්ට ලංකාවෙ නිසි තැනක් නොලැබෙන නිසා 90% පමණ දෙනා රට හැර ගොසින්ය. එබැවින් සුදුසුකම් නොමැති පිරිස් ඉංජිනේරුවරු ලෙස තමාවම හඳුන්වාගනිති. මෙය බරපතළ තත්වයක් වන අතර ඉදිරියේදී මහත් ව්‍යසනයකට හේතු වේ

:       1       5

Toni Friday, 13 December 2024 03:22 PM

අරවින්ද මොනරවිල, ඔයාට ගැටලුව අවබෝධ වෙලා නෑ .. ගැටලුව අධ්‍යාපන සුදුසුකම් නොවේ... සේවාදාය අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කිරිම....

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ප්‍රධාන පොලිස් පරීක්ෂක මහකුමාර මහතා දිවියට සමුදෙයි
2025 මැයි මස 09 222 0

වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.


ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු පුටුවක්
2025 මැයි මස 09 454 0

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.


වලල්ලාවිට හිටපු සභාපති උදේනිට ඇප
2025 මැයි මස 09 99 0

වලල්ලාවිට ප්‍රාදේශීය හිටපු සභාපති පාලන කාලයේ විකිණීම සඳහා සංවර්ධනය කරනු ලබන ඉඩම්වලට අනුමැතිය දීමට රුපියල් 6730000.00 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක්


වලල්ලාවිට හිටපු ප්‍රා. සභාපති අත්අඩංගුවට
2025 මැයි මස 09 129 0

වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අතු කෝරළ දොන් උදේනි ප්‍රියංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (9


ජීව උණ්ඩ සමග දෙකක් මාට්ටු
2025 මැයි මස 09 151 0

විවිධ ප්‍රමාණයේ ජීව උණ්ඩ 120 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.


මන්ත්‍රී යෝජනා 5ක් සම්මතයි
2025 මැයි මස 09 513 0

පෞද්ගලික මන්ත්‍රී යෝජනා 5ක් පාර්ලිමේන්තුවේදි අද පස්වරැවේ සම්මත විය


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 27 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1294 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 333 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site