(අංජුල මහික වීරරත්න)
අත්අඩංගුවට ගත් අවස්ථාවේදී උපකාර කළ සැමට හෘදයාංගම ස්තුතිය පිරිනමන බව පිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය නිවසේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ ප්‍රකාශයක් කරමින් අද පැවසීය. "
මා අත් අඩංගුවට ගත් අවස්ථාවේදී මා වෙනුවෙන් පෙනී සිටි සියලුම දෙනාට මගේ ස්තුතිය පිරිනමමි.පසුවට දිනක මා ඔබ මුණගැසීමට බලාපොරොත්තු වෙමි.
යළි යළිත් මා ඔබට ස්තූති කරනවා" යනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා එහිදී සඳහන් කළේය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෛද්‍ය අධීක්ෂණය යටතේ මේ වන විට නිවසේ විවේකයෙන් කල් ගෙවයි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
උදව් කළ සැමට රනිල්ගෙන් හෘදයාංගම ස්තුතියක්
pradeep Monday, 01 September 2025 01:14 PM
තනිකර බොරුවෙන්, වංචාවෙන්, රැවටීමෙන් පිරුණු ජීවිතයක්... ලැජ්ජයි...
පොඩිඑකාTuesday, 02 September 2025 03:45 AM
තමා වෙනුවෙන් කුලියට කෑ ගසා අධිකරණයට අපහාස කොට නඩු ඉල්ලං කන්න වෙන සෙට් එක මතක්කලේ නැද්ද?
HarshaWednesday, 03 September 2025 11:10 AM
හොඳම ආරංචිය නම් ඔබ හොඳින් ඉන්නවා කියන එකයි ‘ආදරණීය ජනාධිපති රනිල්, ඊළඟ ශුභාරංචිය නම් ඔබ සහ සජිත් ශ්‍රී ලාංකික ජනතාවට සේවය කිරීමේ අරමුණින් එක්සත් වී එකට ගමන් කිරීමයි. එකමුතුකම ඉතා වැදගත් වන අතර අප එක්සත් වූ විට බලය ඇත!
අරවින්ද මොණරවිල Monday, 01 September 2025 01:38 PM
කිරි හට්ටි අරගෙන, බලන්න කවුරුවත් ආවේ නැතෙයි.
JayasekaraMonday, 01 September 2025 02:22 PM
අර මොකටද මාව බලන්න එන්නේ...? ඒවා අරන් යන්න ඒකාබද්ධ විපක්ෂයේ අයට... ඔවුන් සෑහෙන්න මහන්සි වුණානේ...
ගමේ එකාලා Monday, 01 September 2025 02:08 PM
උපාය දන්නෝ අපායේ නොවැටෙති. දැන් කවද්ද සර් වන්දි නඩුව දාලා පඟරනැට්ටව හමගහන්නේ.?
Siri Monday, 01 September 2025 02:08 PM
ශ්‍රී ලන්කන් ගුවන්යානා අරගෙන බරට බරක් රත්තරන් පූජාකරන්න පවුල් පිටින් දේවාල ගානේ ගිය ගමන් වලට නඩු වැටෙන්නේ කවදාද අප්පා...?
Shantha Monday, 01 September 2025 02:22 PM
බෙල්ලනට විතරක් ස්තුතියි කීවාම ඇති....
යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Monday, 01 September 2025 02:30 PM
ඔබ විසින් පිරිනමනලද ස්තූතිය දෙකට නවා පරිස්සමින් තියාගනිමු. එය එසේ වූවත්, පසුවට කිසිම දිනක මුණගැසීමට බලාපොරොත්තු නොවෙමු.
පොඩි එකාMonday, 01 September 2025 07:13 PM
ඩෝබිලා හමුනොවූවාට දවල් මිගෙල් රෑ දනියෙල් අන්තේවාසික අනුර නම් හාමුව නිතර හමුවෙනු ඇත...
කව්ද බෝයි Monday, 01 September 2025 02:31 PM
නොවේ මෙවන් වින්දනයක්, ලොවේ !!!
Pradeep Kumara Monday, 01 September 2025 02:54 PM
හොරුන්ට ආවඩන, හොරුන්ගෙන්ම යැපෙන අය ලෝකෙ කොහේත් ඉන්නවා. ලංකාවේ ඒක ටිකක් වැඩියි. තමන්ගේ ලොක්කා මොනවා කළත් ඔවුන්ට ඒක හොඳයි...
කපුරුහාමි හාමි Monday, 01 September 2025 03:08 PM
තිබුනේ එසේ මෙසේ ලෙඩ රෝග කන්දරාවක් ද? මාරාන්තික ලෙඩ?
සංඛා Monday, 01 September 2025 03:40 PM
ඔබගේ වෛද්‍ය වාර්තාව ආශ්චර්යක්.නොතිබුණ ලෙඩක් නැහැ. ඔයාගේ ධමනි ඔක්කෝම දැන් හොඳින් ක්‍රියාත්මක වෙනවාද? මේ රටේ මිනිස්සු ඕයතරම් මොඩයෝ කියලා හිතුවාද? ලැජ්ජාවක් නැතිකම මහමුදලි කමටත් වඩා ලොකුයි කියනවානේ !!!
Rata Perata Monday, 01 September 2025 07:19 PM
බොරුවෙන්ම ජීවත්වෙන අය...