IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


උතුරු නැගෙනහිර විහාරස්ථානවල පුරාවිද්‍යාත්මක කලාප ආරක්ෂා කරන්නැයි ඉල්ලා පෙත්සමක්

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
 
උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල පිහිටි බෞද්ධ විහාරස්ථාන හා පුරාවිද්‍යාත්මක කලාප ආරක්ෂා කිරීමේ කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස රජයට නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා නීතීඥවරයෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (28) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබීය.

 
නීතිඥවරයෙකු වන දර්ශන වේරදුවගේ මහතා විසින් පෙත්සම ඉදිරිපත් කළේය.
 
එහි වගඋත්තරකරුවන් ලෙස ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා , වැඩබලන පොලිස්පති සී.ඞී.වික‍්‍රමරත්න,  මුලතිව්, උප්පූවේලි සහ ඕමන්ත යන පොලිස් ස්ථාන වල පොලිස් ස්ථානාධිපතිවරුන් , බුද්ධශාසන කටයුතු අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා, නිවාස හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් පී.බී.මණ්ඩාවල  සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.
පෙත්සම්කරු කියා සිටින්නේ උතුරු නැගෙනහිර ප‍්‍රදේශ වල පිහිටි බෞද්ධ සිද්ධස්ථාන ඇතුළු බෞද්ධ උරුමය විදහාපාන පෞරාණික කලාප විනාශ කිරීමේ ක‍්‍රියාදාමයක් ඉකුත් දින වලදී එම ප‍්‍රදේශවල සංවිධානාත්මකව ක‍්‍රියාත්මක වෙමින් පවතින බවයි.මේ පිළිබඳව ජනමාධ්‍ය වලින්ද වාර්තා වේ.
 
එසේම මෙවර ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ජනාධිපති අපේක්ෂකයන් වෙත දෙමළ දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කළ ඉල්ලීම් 13 ඇතළත් යෝජනාවලිය මගින් මෙම අනතුර තවදුරටත් තීව‍්‍ර වී ඇතැයි සඳහන් කරන පෙත්සම්කාර නීතිඥවරයා පෙන්වා දෙන්නේ එම ඉල්ලීම් 13 ක‍්‍රියාවට නැංවුණහොත් උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල පිහිටි බෞද්ධ උරුමයන් බොහොමයක් විනාශ වීමේ අවධානමක් පවතින බවද සඳහන් කර සිටියේය.
 
ඒ අනුව මෙම පෙත්සම විශේෂ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙසත් උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල පිහිටි බෞද්ධ උරුමයන් ආරක්ෂා කිරීමේ වැඩසටහනක් සකස් කරන ලෙස වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.
 
ඊට අමතරව මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල පිහිටි බෞද්ධ සිද්ධස්ථාන හා පුරාවිද්‍යාත්මක කලාප ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් සකස් කරන ලෙස වග උත්තරකරුවන් වෙත නිකුත් කරන මෙන් ද ඔහු වැඩිදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.



අදහස් (0)

උතුරු නැගෙනහිර විහාරස්ථානවල පුරාවිද්‍යාත්මක කලාප ආරක්ෂා කරන්නැයි ඉල්ලා පෙත්සමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 83 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 356 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site