IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඊශ්‍රායලයෙන් ඉරානයට ගුවන් ප්‍රහාර

(විමුක්ති එස් රුද්‍රිගු)

ඉරානය ඊශ්‍රායලයට පසුගිය 1 වැනිදා එල්ල කළ මියසිල ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායලය ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් අද(25) එල්ල කළේය.

ඉරානයේ ටෙහෙරාන් අගනුවර හමුදා ඉලක්ක වෙත මෙම ගුවන් ප්‍රහාර මාලාව එල්ල කරන බවත් ඉරානයේ න්‍යෂ්ටික හෝ තෙල් පිරිපහදු වෙත ප්‍රහාර එල්ල නොකරන බවත් ඊශ්‍රායලය ප්‍රහාර මාලාව ආරම්භ කිරීමට පෙර නිවේදනයක් නිකුත් කරමින් පැවැසුවේය.

පළමු ප්‍රහාරයෙන් ටෙහෙරානයේ ස්ථාන 7 ක පමණ පිපිරීම් සිදුව ඇතැයි ඉරාන මාධ්‍ය ප්‍රකාශ කළේය. ප්‍රහාරයට පැමිණි ඇතැම් ඩ්‍රෝන යානා සහ එල්ල කළ මිසයිල ඉරාන ගුවන් ආරක්ෂණ පද්ධතිය විනාශ කර දැමූ බවද ඉරාන මාධ්‍ය පැවැසුවේය. කෙසේ වෙතත් නැවත වරක් ඉරානයට මීට සුළු මොහොතකට පෙර ගුවන් ප්‍රහාරයක් එල්ල වූ අතර ඒ හේතුවෙන් ඉරාන ගුවන් සීමාව වසා දැමීමට බලධාරීහු කටයුතු කළහ.

ඊශ්‍රායලය ඉරානයට එල්ල කරන ගුවන් ප්‍රහාර තවත් පැය කීපයක් පුරා සිදුවනු ඇති බවත් ඉරානයද ඊශ්‍රායලය නැවත පිළිතුරු දීමට සූදානම් වන බවත් ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

තවමත් නිල වශයෙන් ප්‍රහාරවලින් සිදුවූ හානිය පිළිබඳව ඉරාන රජය නිවේදනයක් කර නොමැති බවද පැවැසෙයි.

කෙසේ වෙතත් ඊශ්‍රායලයේ ප්‍රති ප්‍රහාරයට ඇමෙරිකාව සම්බන්ධ නොවන බවට ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන් මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ඊශ්‍රායලයේ ප්‍රතිප්‍රහාරයත් සමග කලාපීය යුද්ධයක් ඇතිවීමේ අවදානම තවත් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ

 



අදහස් (2)

ඊශ්‍රායලයෙන් ඉරානයට ගුවන් ප්‍රහාර

saman Saturday, 26 October 2024 11:18 AM

ඉරානයෙන් ගහපු එක නැත්තේ ඇයි?

:       4       7

Bishan Saturday, 26 October 2024 11:36 AM

අහස් කූරු වගයක් යනවා නම් දැක්කා...!

:       2       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 704 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site