IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


ඉසුර ශ්‍රීලනිප තනතුරුවලින් ඉවතට

(ඩයනා උදයංගනී)

බස්නාහිර පළාත් හිටපු මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් සහ මහරගම ආසන සංවිධායක ධූරයෙන් තාවකාලිකව ඉවත් කිරීමට එම පක්ෂය පියවර  ගෙන තිබේ.

ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම පැවති රැස්වීමකට සහභාගි වී ඇති බැවින් මෙම තීරණය ගත් බව  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රකාශකයෙක් පැවසීය.



අදහස් (24)

ඉසුර ශ්‍රීලනිප තනතුරුවලින් ඉවතට

sirimal Friday, 18 October 2019 02:10 PM

මොකද්ද ඒ වැඩේ ? ඔහොම ගියොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිම කෙනෙක් ඉතුරුවෙන එකක් නැහැ. මේ අස්සේ ගෝඨාභයට සියයට 50 ලැබෙන්නේ නැති නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ජනතා විමුක්ති පෙරමුණෙන් ඔවුන්ගේ දෙවැනි මනාපය පොහොට්ටුවට ලබාදෙන ලෙස ඉල්ලීමක් කළ බව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා හෙළිදරව් කරලා තියෙනවා. ඒ වගේම ජනාධිපතිවරණයේ දී මහජනතාව ඡන්දය පාවිච්චිකරන ආකාරය පිළිබඳ විද්‍යාත්මක පුරෝකථනයක් ස්වාධීන ආයතනයක් වන ‘ජාතික ප්‍රතිපත්ති කේන්ද්‍රය’ විසින් නිකුත් කර තිබෙනවා. එමගින් ඔවුන් කියා ඇත්තේ "මෙවර ජනාධිපතිවරණයේ දී ඡන්ද හිමි නාම ලේඛනය ලෙස සලකනු ලබන 2018 නාමලේඛනයේ ඒ ඒ දිස්ත්‍රික්ක වලට අයත් ඡන්ද සංඛ්‍යාවන් සහ එම සංඛ්‍යාලේඛන වලට අනුකූලව 2019 ජනාධිපතිවරණයේ දී හංසයා ලකුණින් තරඟ කරන සජිත් ප්‍රේමදාස ලබා ගනු ඇතැයි සැලකෙන ඡන්ද සංඛ්‍යාව 65,26,414 කි. එය ප්‍රතිශතයක් ලෙස 49.29% කි. පොහොට්ටුව ලකුණින් තරඟ කරන ගෝඨාභය රාජපක්ෂ ලබා ගනු ඇතැයි සැලකෙන ඡන්ද සංඛ්‍යාව 61,72,241 යි. එය ප්‍රතිශතයක් ලෙස 46.62% කි."

:       564       570

Mahee Friday, 18 October 2019 02:27 PM

ගිලෙන නැවෙන් මීයෝ පනිති. ඒකයි ලෝක ස්වභාවය.

:       53       44

නදුන් Friday, 18 October 2019 02:39 PM

එතකොට ගිවිසුම් ගහලා එකඟතාවට ආවේ මොකටද? කැකිල්ලේ තීන්දු...

:       0       18

ගල්කටස් Friday, 18 October 2019 02:40 PM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යළිත් යටිකූට්ටු වැඩකට අර අඳිනවා කියලයි අපිට නම් හිතෙන්නේ.. මොවුන් ඡන්දය මගදා ඉවත්ව සජිත්ට සහාය දැක්වීමට ජනාධිපති එකඟත්වය පළ කර අැති බව දැන ගන්නට අැත. එ් සදහා ඔවුන්ට හූ කියා ගැනීමෙ වැඩ පිළිවෙල අාරම්භ කර අැත්තේද ඔවුන්ය. මෛත්‍රීපාල ජනාධිපතිවරයා අගමැති කරන බව සජිත් පොරොන්දු වීම එයට හේතුවයි. නමුත් ජනතාව ඔහු අගමැති වනවාට කැමැති නැති බව තෙරුම් ගත යුතුයි..

:       14       64

saali Friday, 18 October 2019 03:10 PM

වැඩේ වැරදියි. පොහොට්ටුවේ පුවත් සාකච්චා වල ශ්‍රීලනිප කට්ටිය ඉන්නවා. මෙයාට විතරක් අමුතු නීතියක්.

:       40       9

peduru Friday, 18 October 2019 03:48 PM

අනේ හොඳයි...

:       7       10

Nimal Friday, 18 October 2019 04:08 PM

දේශපාලනය තුල ඉසුරු වසුරු වෙන්නත් වසුරු ඉසුරු වෙන්නත් වැඩි කලක් යන්නේ නැහැ.

:       0       2

Prabha Friday, 18 October 2019 04:25 PM

දෙගොල්ලෝ ආපහු තරහ වෙලාද?

:       0       1

nimal Friday, 18 October 2019 04:42 PM

ඇයි මොකද මේ හදිසියේ

:       0       1

ranjith Friday, 18 October 2019 04:49 PM

සජිත් මැතිඳුනි, ඔබතුමා පාක්ෂිකයන්ගේ ඉල්ලීමට සවන් නොදී ටීඑන්ඒ සමග ගිවිසුම් ගත වුනොත් ලක්ෂ ගණනක් පාක්ෂිකයන් ඡන්ද පළට නොඑ්වි. අන්තිමට අපි කොහොමද පාරේ බැහැලා යන්නේ... මිනිස්සු මූණට කෙල ගහවි. වැඩ පළවල්වල දැනුත් අපි කොන්වෙලා ඉන්නේ...

:       80       104

රවින් Friday, 18 October 2019 05:16 PM

හොඳ තීරණයක්...!!!

:       0       4

chinthaka perera Friday, 18 October 2019 06:51 PM

මේ වගේ අයගෙන් තමයි රට බේරගන්න ඕනේ.. දැක්කනේ මෙයා පුටු ගත්ත හැටි..!!! අපරාධේ කරපු වියදම්... වැඩේ කියන්නේ මේ අය ඒ පැත්තෙන් මේ පැත්තට පනිමින් ඉල්ලම් හොයනවා වගේ කා බී ජොලි කරනවා කොමිස් ගහනවා. අපේ සල්ලි ඉවර කරනවා මේ අය හැදෙනවා ...!!!

:       2       113

ලුම්බිණි Friday, 18 October 2019 11:55 PM

'තාවකාලිකව ඉවත් කිරීමට' කියන එකේ තේරුම මොකද්ද? මිනිහෙක් පක්ෂයේ ප්‍රතිපත්තිවලට විරුද්ධව යනවා නම් ඒ මිනිහා අයින් කරනවකෝ...

:       0       34

Amila Saturday, 19 October 2019 12:53 AM

ශ්‍රී ලනිපය ට්‍රොජන් අශ්වයෙක් ආකරයට පොහොට්ටුවට සහයෝගය දක්වන බව පැහදිලිව පේනවා.

:       0       19

gunarathna Saturday, 19 October 2019 01:35 AM

දැන් එතකොට දුමින්ද, දයාසිරි, වීරකුමාර ගියේ පොහොට්ටුවේ රැස්වීමට නෙමෙයිද? මොකක්ද මේ වෙනස? බන්දුල ගුනවර්ධනගේ රැස්වීමත් ගෝඨාට සහය දෙන්නනේ පවත්වලා තියෙන්නේ.

:       0       24

Ossan Salam Saturday, 19 October 2019 03:02 AM

මොනවද මේ විහිළුව? ඉසුරු දේශප්‍රියව තනතුරුවලින් ඉවත් කරනවා බන්දුල ගුණවර්ධන සංවිධානය කළ ඝෝඨාගේ රැස්වීමට සහභාගිවුනා කියා. නමුත් විජේදාස රාජපක්ෂ පොහොට්ටුවට පැමිණි උත්සවයට සහභාගි වනවා ශ්‍රීලනිපයේ ලේකම් උන්නැහේ.. ඵතකොට දෙන්නට නීති දෙකක්ද ආයුබොවන්...!

:       0       13

Jayanath Saturday, 19 October 2019 03:34 AM

අර පාවා දෙන්නා මධ්‍යස්ථව ඉන්නවා කියලා කකුලෙන් අදින්න හදන්නේ. මේ සැරේ අපි මෙයාට අමතක නොවන පාඩමක් උගන්නන්න ඕනෑ..

:       71       78

Chanak los angeles Saturday, 19 October 2019 03:42 AM

අපොයි බණ්ඩාරනායක හදපු පක්ෂය කෑවා ..

:       108       318

ramanSaturday, 19 October 2019 05:35 AM

දෙන්නම කී පාරක් අනික් අයත් අරන් අම්මට, අක්කට මල්ලිට විරුද්ධව කී පාරක් ගියාද? ඔයා 80 ගණන් ඉඳලම ලොස් ඇන්ජලිස් වෙන්න ඇති ඉන්න ඇත්තේ ඔය ටිකවත් දන්නේ නැත්තේ...

:       10       206

siri Saturday, 19 October 2019 06:37 AM

ඉසුර ගැන නම් පැහැදීමක් නැහැ. නමුත් මෙවන් දැවැන්ත පක්ෂයකට අත්වූ ඉරණමට චන්ද්‍රිකා වග කියන්න ඕනේ..

:       22       48

රනිල්Saturday, 19 October 2019 10:05 AM

මරාට තැන දුන්නු හින්දද?

:       27       2

Amara Saturday, 19 October 2019 08:30 AM

හූ කීම හරි අතට දැන හූ කියන එක අඩු කරන්න පුළුවන්..

:       0       1

sirimal Saturday, 19 October 2019 08:51 AM

මේක අමූලික අසත්‍ය ප්‍රචාරයක් කියල නේද දැන් කියන්නේ? කොහොමද විශ්වාසයක් තියන්න පුළුවන් කියන එකයි අවුල...

:       0       14

Dharmatileke Saturday, 19 October 2019 09:33 AM

අලුත් අච්චාරුව මෙන්න.. පුටු, බුලත්කොළ, අත, පොහොට්ටු “හූවක්” සමග කාලා බලන්න.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

සීනිගම දියඹ දේවාලයට ඇතුළු වූ සොරා වැටී මැරිලා?
2025 මැයි මස 06 31 0

සිනිගම දෙවොල් දේවාලයේ දියඹ දේවාලය තුළ ඉතා අභිරහස් අයුරින් මියගිය අයකු අද (6) උදෑසන සොයාගත් බව මීටියාගොඩ පොලීසිය කියයි.


බදුල්ලේ ජනතාවත් ඡන්දයට පෝලීමේ
2025 මැයි මස 06 99 0

පලාත් පාලන මැතිවරණයේ බදුල්ල ජනතාව අද (6) ජන්ද දැමීමට පෝලීමේ රැදී සිටියහ.


දමනින් සොරාගත් වෙඩි බෙහෙත් සමග හතරක් අල්ලයි
2025 මැයි මස 06 31 0

අම්පාර දමන අලහේන ගම්මානයේ පෞද්ගලික ව්‍යාපාරිකයකුගේ වෙඩි බෙහෙත් ගබඩාවක් කඩා සොරා ගත් වෙඩි බෙහෙත් සමග සැකරුවන් 04 දෙනකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි


අනුර යාපා - බිරිඳගේ ඇප කොන්දේසි ලිහිල් කරයි
2025 මැයි මස 06 202 0

ගංවතුරින් අවතැන් වූ පුද්ගලයන්ට සහන සැලසීමේ මුවාවෙන් රජයේ මුදල් සපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන හිටපු අමාත්‍යය අනුර ප්‍රියදර්ශන යාපා, ඔහුගේ බිර


ආදිවාසීන්ට පොරව ගේන්න අවසර
2025 මැයි මස 06 173 0

ආදිවාසීන්ට පොරව රැගෙන ඡන්ද පොළට යෑමට මැතිවරණ කොමිෂන් සභාව පළමු වරට මෙවර අවසර දී ඇත.


හොර ඡන්ද දාන්න ගිය අයෙක් මාට්ටු
2025 මැයි මස 06 355 0

ව්‍යාජ ලෙස සැකසූ ඡන්ද පත්‍රිකා අටක් අතැතිව, මැතිවරණ නීතී උල්ලංඝණයේ යෙදී සිටි පුද්ගලයෙකු, පුත්තලම දිස්ත්‍රික්කයේ රත්මල් යාය, අල් කාසීම් සිටි ඡන්ද මධ්‍


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 767 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 198 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1240 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site