(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියා තානාපතිනී ඩිවි ගුස්ටිනා ටොබිං (Dewi Gustina Tobing) මහත්මිය සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අතර හමුවක් පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි.
ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර දීර්ඝකාලීනව පවතින කෘෂිකාර්මික, වෙළෙඳ , සංචාරක මෙන්ම පුරවැසි සබඳතා යන ක්ෂේත්‍ර වල ද්විපාර්ශ්වික සබඳතා අගය කළ කථානායකවරයා ඒවා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.
මෙහිදී ප්‍රවාහන අංශය සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරුණු අතර ඉන්දුනීසියාවේ ජකර්තා නගරය ආශ්‍රිතව ක්‍රියාත්ම වන පැනොරමික් දුම්රිය (Panoramic Train) සම්බන්ධයෙන්ද ඒවා මෙරට සංචාරක කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් යොදාගතහැකි ආකාරය සම්බන්ධයෙන්ද සාකච්ඡා විය.
එසේම මෙරට කුඩා සහ මධ්‍ය පරිමාණ මට්ටමෙන් ක්‍රියාත්මක වන බතික් කර්මාන්තය සම්බන්ධ දැනුම හුවමාරු කරගැනීම සම්බන්ධයෙන්ද කථානායකවරයා මෙහිදී අදහස් පළ කළේය.
තවද ඉන්දුනීසියානු සාම්ප්‍රදායික සංගීත භාණ්ඩයක් වන “Angklung” සංගීත භාණ්ඩය සමාජ සමගිය සහ සමාජ සහජීවනය පිළිබඳ සංකල්පය නිරූපණය කරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන්ද මෙහිදී කථානායකවරයා සුහදව අදහස් පළ කළේය.
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ඉන්දුනීසියා තානාපති කථානායක හමු වෙයි