(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආරක්ෂක උපකරණ සම්බන්ධයෙන් සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පළමු වරට සංවිධානය කළ ඉන්දීය - ශ්‍රී ලංකා ආරක්ෂක සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනය කොළඹ ටාජ් සමුද්‍රාහිදී පැවැත්විණි.
මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සහභාගී වූ අතර ඉන්දීය මහ කොමසාරිස් එච්. ඊ. ගෝපාල් බග්ලේ, ආරක්ෂක ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ශ්‍රී ලංකා නාවික හමුදාපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහූ ද සහභාගි වූහ.
මෙම අවස්ථාවට ප්‍රමුඛ පෙළේ ඉන්දීය ආරක්ෂක සමාගම් 16 ක නියෝජිතයින් ද, ශ්‍රී ලංකාවේ කර්මාන්ත නියෝජිතයෝ ද, සහභාගි වූහ.
දෙරටේ ආරක්ෂක අංශයේ පාර්ශ්වකරුවන් එක්රැස් කරමින් පළමු සහයෝගිතා ප්‍රදර්ශනය පැවැත්වීම පිළිබඳව මහ කොමසාරිස්වරයා ප්‍රශංසා කළේය.
ඉන්දියාව ආරක්‍ෂක උපකරණ රටවල් 85 කට අපනයනය කරන බවත් ආරක්ෂක අපනයනවලින් 2022 අප්‍රේල් සිට 2023 මාර්තු දක්වා ඇමෙරිකානු ඩොලර් බිලියන 2 ක් උපයා ඇති බවත් මහ කොමසාරිස්වරයා කීය.
කලාපයේ හවුල්කාර රටවල් සමඟ ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීමට ඉන්දියාවේ කැපවීම සහ ‘ලෝකය එකම පවුලක්’ පිළිබඳ ඉන්දීය රජයේ දර්ශනයට අනුකූලව මෙම සම්මනත්්‍රණය සංවිධානය කළ බව ද වැඩි දුරටත් සඳහන් කළේය.
වීඩියෝ පණිවුඩයක් මගින් රැස්ව සිටි පිරිස අමතමින් ඉන්දීය ආරක්ෂක ලේකම් ශ්‍රී ගිරිධර් අරමානේ මහතා ශ්‍රී ලංකාව ඉන්දියාවේ ප්‍රමුඛ හවුල්කරුවා ලෙස විස්තර කළ අතර අගමැති මෝදිගේ ‘සාගර්’ දැක්මේ කොටසක් ලෙස ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්හි ධාරිතාව සහ හැකියාවන් ගොඩනැගීමට ඉන්දියාව කැපවී සිටින බව සහතික කළේය.
ඉන්දියා සහ ශ්‍රී ලංකා ව්‍යාපාරික නියෝජිතයින්, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය අතර ඉදිරිපත් කිරීම්, සජීවී සංදර්ශන සහ අන්තර් ක්‍රියාවලින් සමන්විත වූ විචිත්‍රවත් සම්මන්ත්‍රණය ආරක්ෂක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ධනාත්මක සාකච්ඡාවක් සහ සම්බන්ධයක් බව ද ඉන්දීය ආරක්ෂක ලේකම් ශ්‍රී ගිරිධර් අරමානේ මහතා මෙහිදී වැඩි දුරටත් කීය.
මෙම ප්‍රදර්ශනය නරඹන්නන් සඳහා ද විවෘතව පැවති අතර අනෙකුත් ආරක්ෂක නිලධාරීන්, බාලදක්ෂයන්, ශිෂ්‍යභටයින් සහ උනන්දුවක් දක්වන පුද්ගලයින් රැසක් පැමිණ සිටියහ.
ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.
කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු
ගල්ගමුව පාළුකඩවල වැවේ දිය නෑමට ගිය පාසල් දැරියන් දෙදෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි.
පොළොන්නරුව මනම්පිටිය නගරයට ආසන්නව කදුරුවෙල දෙසට ධාවනය කළ ත්‍රීරෝද රථයක් තවත් ත්‍රිරෝද රථයක් ඉස්සර කිරීමට යෑමේදී, එම ත්‍රීරෝද රථ දෙක එකිනෙක ගැටී මාර්
ජපානයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහන සඳහා පනවනු ලබන ඉහළ බදු අනුපාත පිළිබඳව මෙරට ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා පසුගියදා පැවැති වටමේස සාකච්ඡාවකදී කණ
කොළඹ වෙසක් සිරි නරඹා ආණමඩුව වෙත ගමන් කරමින් තිබු ලොරි රථයක් මූදුකටුව ප්‍රදේශයෙදී මාර්ගයෙන් ඉවතට පැන සිදුවු අනතුරීන් තුවාල ලැබු දස දෙනකු මාරවිල මූලික
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ඉන්දීය - ශ්‍රී ලංකා ආරක්ෂක සම්මන්ත්‍රණයක්