IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඉන්ධන දුම්රියේ වන අලි ගැටීම ගැන සොයන්න කමිටුවක්

(මහින්ද නිශ්ශංක)

කොළඹ - මඩකලපුව දුම්රිය මාර්ගයේ මින්නේරිය රොටවැව මංසන්ධිය ආසන්නයේ ඉන්ධන දුම්රියට වන අලි රංචුවක් අසුවීමේ සිද්ධිය පිළිබඳව සොයා බැලීමට දුම්රිය දෙපාර්තමේන්තුව ත්‍රී පුද්ගල කමිටුවක් පත් කළ බව දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එස්.මුදලිගේ මහතා පැවසීය.

දුම්රිය මාර්ග, ධාවනබල හා මෙහෙයුම් යන අංශ පිළිබඳ ඉංජිනේරු ප්‍රධානින් ගෙන් මෙම ත්‍රී පුද්ගල කමිටුව සමන්විත වේ.

මෙම කමිටුව මුල් වරට ලබන සදුදා රැස්වන අතර සති දෙකකින් සිද්ධිය පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.

ඉන්ධන දුම්රියේ වන අලි රංචුව ගැටීමෙන් වන අලි දෙදෙනෙකු මියගොස් තවත් අලියෙකු බර පතල ලෙස තුවාල ලබා ඇත.

වන අලි රංචුව හැපුණු ස්ථානයේ පැයට කිලෝමීටර් 20 ක වේගයෙන් දුම්රිය ධාවනය කරන ලෙස සදහන් පුවරු සවිකර ඇති බවත් එසේ තිබියදී ඊට වඩා වැඩි වේගයකින් දුම්රිය ධාවනය කර ඇත්දැයි සොයා විමර්ශනයක් සිදු කිරීමටද නියමිතය.



අදහස් (4)

ඉන්ධන දුම්රියේ වන අලි ගැටීම ගැන සොයන්න කමිටුවක්

සංජීව Saturday, 19 October 2024 08:55 PM

ඔය දුම්රියේ දැන් කීපාරක් අලිරංචු හැපුනද? ඔය දුම්රිය මාර්ගය මහවින් එහාට කාර්යබහුල නොවන එකේ ඔය තෙල්, පිටි ආදිය දිවා කාලයේ ධාවනය කළා නම් ප්‍රශ්නය විසඳෙනවා නේද?

:       0       16

ආසිරි Saturday, 19 October 2024 09:12 PM

මේ ටැංකිවල බෝගි ගැලවිලා රේල්පාර ගැලවිලා ගිහින් තියන විදිහට මේ දුම්රිය පැයට කිමි 80 විතර වේගෙන් ගිහින් තියනවා. රියදුරන් බීමත්ව සිටියා ද යන්න කලින් පරීක්ෂා කරන්න තිබ්බේ.

:       0       16

බකල ජයා Saturday, 19 October 2024 09:53 PM

අලි අනිවාර්යයෙන්ම සාක්කි දෙන්න කැඳවන්න ඕන. මේකෙ ඇත්ත නැත්ත හොයාගන්න ඕන. අලින්ගෙන් සාක්කි ගන්න අලි බාසාව දන්න එක්කෙනෙකුත් මේ වෙලාවෙ මතක් වෙනවා.

:       0       18

හෙලයා Sunday, 20 October 2024 02:50 PM

මේ ප්‍රශ්නයට හුඟක් රටවල මී මැස්සන්ගේ හඬ පාවිච්චි කරනවා. තාක්ෂණය යොදලා ශබ්ද විකාශන යන්ත්‍ර මගින් අලි එන එක නවත්තන්න පුළුවන් දුම්රිය ඒමට පෙර. ඉන්දියාව මේ ක්‍රමයට සෑහෙන අලි බේරගෙන තියනවා. අපි මේ ගැන ගොඩක් කල් ඉඳලා කියනවා. බලධාරීන් නිහඬයි...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 47 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site