
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්ටොංෂ් ජා මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද (13) පැවැත්විණ.
මෙම හමුව අසල්වැසි රටවල් දෙක අතර දිගුකාලීන මිත්‍රත්වය සහ උපායමාර්ගික හවුල්කාරිත්වය තහවුරු කරන්නක් විය.
දැනට සංවර්ධනයේ විවිධ අදියරවල පවතින ද්විපාර්ශ්වික ව්‍යාපෘති රාශියක ප්‍රගතිය පිළිබඳව මෙම හමුවේදී සාකච්ඡා කෙරිණ.
අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි , අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් බී.ඩබ්ලිව්.ජී.සී. සාගරිකා බෝගහවත්ත, විදේශ කටයුතු අමාත්‍යාංශයේ දකුණු ආසියානු කලාපයේ රාජ්‍ය තාන්ත්‍රික අධ්‍යක්ෂ ජනරාල් නිලූක කදුරුගමුව යන මහත්ම මහත්මීහු සහ ඉන්දියානු මහ කොමසාරාස් කාර්යාලයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම හමුවට එක්වූහ.
2025 දෙසැම්බර් මස 30
13
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඉන්දීය මහකොමසාරිස් අගමැතිනිය හමුවෙයි