
(ඩයනා උදයංගනී)
ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ‘මැන්ඩවුස්‘ සුළි කුණාටුවේ බලපෑමෙන් ඉන්දියාවේ සිට දූවිලි අංශු ගලාඒම නිසා මෙරට වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය ඉහළගොස් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා ලංකාදීපයට පැවසීය.
මේ දිනවල රටපුරා ප්‍රදේශවල පවතින අඳුරු ස්වභාවය සහ මීදුම් ස්වභාවයට හේතුව මෙය බව ද ඔහු සඳහන් කළේය.
ගම්පහ සහ කොළඹ ආදී දිස්ත්‍රික්කවලට මෙහි වැඩි බලපෑමක් එල්ල වී ඇති අතර, වායු තත්ව මාපක දත්ත අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ වායුගෝලීය අංශු ප්‍රමාණය ඒකක 200ක් සහ කොළඹ දිස්ත්‍රික්කයේ අංශු ප්‍රමාණය ඒකක 167 ක් දක්වා ඉහළ ගොස් ඇත.
රට පුරා සෑම ප්‍රදේශයකටම පාහේ මෙහි බලපෑම පවතින බව ද සරත් ප්‍රේමසිරි මහතා කීවේය.
දැනට මෙරටට බලපා ඇති සුළි කුණාටුව හෙට (9) දිනය වනවිට ඉන්දියාවේ තමිල්නාඩු පුදුචෙරි සහ දකුණු ආන්ද්‍රා ප්‍රදේශ වෙරළ තීරය හරහා ගමන් කිරීමට නියමිත අතර, ඒ සමඟ ක්‍රමයෙන් මෙම දූවිලි තත්වය ද පහව යනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.
මෙම දූවිලි අංශු ශරීරයට ඇතුළුවීමෙන් ශ්වසන රෝග ආදිය ඇතිවිය හැකි බැවින් මේ දිනවල එළිමහනේ ගැවසෙන විට මුහුණු ආවරණයක් පැළඳීම ඉතා වැදගත් බව ඔහු සඳහන් කළේය.
එමෙන්ම එළිමහනේ ගැවසීම අඩු කළ යුතු අතර, හැකිතාක් නිවෙස්වල දොර ජනෙල් වසා තැබීම ද වැදගත් බව ප්‍රේමසිරි මහතා කීවේය.
(ඡායාරූප- ළහිරු හර්ෂණ)



2025 දෙසැම්බර් මස 30
159
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
781
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
381
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඉන්දියාවේ දූවිලි මෙරටටත් ගලා ඇවිත්